බිඟුන් මේනක ගමගේ
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ හා නාවික හමුදා අතුරු කල්ලියක් විසින් පැහැරගනු ලැබුවේ යැයි කියන දරුවන්ගේ මව්වරුන් පිරිසක් එක්ව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය.
කාලි මෑණියන්ට හා සරස්වතී දේවියට කෙරෙන යාදින්නක ස්වරූපයෙන් සංවිධානය කර ඇති මෙහි සංවිධායකයන්ගේ නම ‘අපේ ජීවිත වෙනුවෙන් අපි’ මැයෙන් නම් කර තිබුණි.
ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය දේව රූපවලට මල් දම් පළඳවා සුවඳ දුම් පූජා කරද්දී පුතු සංජය එක්නැලිගොඩ අත් පත්‍රිකා බෙදීමේ නිරත විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණයට හෙන ගැහුණත් මොකද? රණවිරු මිනීමරුවන්ට සාධාරණේ ඉෂ්ට වෙනවා නම්...
දන්නවා නම් චම්පික මාමා එන්නැතුව ඉන්නේ නැහැ. එයා ප්‍රගීත්ට හරියට ආදරය කළා.
නාවික හමුදා අතු කල්ලියක් පැහැරගත් දරුවෝද..?
මෙවැනි අපරාද කල අයගේ පවුල් පිටින්ම යාම වැඩි ඈතක නැහැ...
දානයක් එහෙම දුන්නද දන්නේ නැහැ. ඒවත් කරන්න එපායැ....
නෝනා මහත්තයෝ, දෙයියන්ට කියන එකෙන් ඵලක් වෙන්නේ නැහැ. මෙහෙ ඉන්න දෙයියලාටත් පගා ගහලා. ඒ අය සපෝර්ට් එක දෙන්නෙත් දැන් මිනීමරු තක්කඩින්ටම තමයි.
එක්නෙලිගොඩ කවුද කියල මුලින් හොයල බලන්න........... රටක් ජාතියක් ගෙන නොහිතපු NGO වලට කඩේ ගිය මාධ්‍යවේදී කියල ලේබලය ගහගත්තු අයෙක්............ රටෙන් තුරන් කරපු ක්‍රම වේදය ගෙන ප්‍රශ්නයක් තිබුනත් මේ රටේ ජීවත් වෙලා සිටිය යුතු අයෙක්. ...නෙවෙයි..............
එක්නැලිගොඩ යනු මාධ්‍යවේදියෙක් නොවෙයි.... ද්‍රෝහියෙකි, හිටපු ජනාධිපතිතුමා ඝාතනය කරන්න පිඹුරුපත් සකසපු කට්ටියේ සාමාජිකයෙක්. මම නම් අහලවත් නැහැ මොහුගේ කිසිම ලිපියක් හෝ මධ්‍ය සාකච්ඡාවක්.
මේ උද්ඝෝෂණය පළාත් පාලන මැතිවරණ නීතියට අනුකූලද?
මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක්................
අවුරුදු ලං වෙනකොට කොහා කෑ ගහනවා වගේ දැන් ඡන්දයක් ලං වෙන බව හොයාගන්න පුලුවන් මෙයා දිහා බලා හිටියම.
ඡන්දයක් කිට්ටු වෙනකොට NGO කාක්කෝ වැඩ පටන ගන්නවා. කරුමේ කියන්නේ ඕවට අහු වෙන අය ලංකාවේ ඉන්නවනේ.
පෑනක් අරන් ලියන හැමෝම මාධ්‍යවේදීන් වෙන්නෙ නෑ. මම නම් මෙයා පුවත්පතකට ලියපු එක ලිපියක්වත් දැකලා නෑ.
නජී ඔයා දන්න ලංකාවේ මාධ්‍යවේදීන් දහයකගේ නම් කියන්නකෝ. ඒ කාලේ අරලියගහ මන්දිරෙන් තුන්වේල කාල ලැප්ටොප්, කාර් පර්මිට්, ගෙවල්, රට සවාරි, ළමයින්ට සුපිරි පාසල් ගත්ත අයද මාධ්‍යවේදීන් කියන්නේ. එතකොට ලසන්ත වික්‍රමතුංග මහතා මාධ්‍යවේදියෙක් නෙමෙයිද?
ආයෙමත් ඡන්දයක් ළඟ නිසා මේ නම ඇහෙනවා. නිවට දේශපාලකයින්ගේ කුමන්ත්‍රණ තේරුම් ගැනීම සුදුසුයි.