බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී බංග්ලාදේශය ලකුණු 79 කින් පරාජය කළ ශ්රී ලංකා කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල නියමිත ඕවර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 221 ක් ලබාගත්තේය. බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 142 කට දැවී ගියේය.
තරගයේ වැඩිදුර විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලනේ නුඹලාට අපගේ උණුසුම් සුබ පැතුම්.!!!!!
ජය වේවා!!!!
ඉතාම හොඳින් ක්රීඩාකර ලබාගත් ජයක්. අලුත් මෙන්ම අත්දැකීම් අඩු තරුණ ක්රීඩකයින් මෙම තරඟාවලියේදී දැක්වූ හපන්කම් අගය කල යුතුයි. අලුත් උපදේශකවරයාගෙන්ද හොඳ දිරිගැන්වීමක් සහ උපදෙස් ලැබෙන්නට ඇතිබව පෙනෙන්නට තිබුනා. ඉදිරි ටෙස්ට් තරඟද මේ ආකාරයට හොඳ අත්දැකීම් ලබාගෙන ශක්ති ප්රමාණයෙන් ක්රීඩා කරනු ඇතැයි කියා බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමය සුභ පැතුම්.
ජයවේවා කොල්ලනි තව උබලට පින් අර්ජුන මහතාගේ ඇමතිකම බේරුවට . එතුමා හරි ලජ්ජාවෙන් ඇමතිකම කරුවේ
ජයග්රහණයට සුබ පැතුම් ..!!! දින්නට කමක් නෑ, අනේ හතුරුසිංහ මහත්තයෝ...., අපේ අයියලට හයේ හතරේ එව්වා නෙමෙයි බෝල කන්නේ නැතිව එකදාන විදිහ කියල දෙන්න. බෝලින්, ෆීල්ඩින් තව ඩිවලොප් කලා කියල අපි තරහ වෙන්නේ එහෙම නෑ හොදේ.. ලංකාව වටේ ගිහින් හරි කමක් නෑ, මුරලි, සනත් වගේ ඇග වටේ කැරකිලා විකට් එකට බෝල් කරන්න පුළුවන් කෙනෙක් හොයාගත්තොත් අපි වගේ ක්රිකට් ලෝලීන් වෙනුවෙන් ගොඩක් පින් හොඳේ!
ශ්රී ලංකා කණ්ඩායමට මෙන්ම හතුරුසිංහ මහතාට උණුසුම් සුභ පැතුම්!!! මේ ජයග්රහණය ඉඩෝරයට වැටුණු වැහි පොදක් පමණයි. යමු ඉදිරියටම ලබමින් ජය. ජය ශ්රී !!!
කාලෙකින් අහන්න ලැබුණූ සතුටුදායක ආරංචියක්.. අපේ සුබපැතුම් !!!
අපේ කණ්ඩායමට සුබපැතුම්. අනේ කියන තැනකට වදින්නම් ආයෙත් සැරයක් ඇන්ජලොට නායකත්වයනම් දෙන්න එපා චන්දිමල්ටම ඕක කරගෙන යන්න දෙන්න.
තැනේ හැටියට ඇනේ ගැසීමේ ප්රතිපල
හතුරුසිංහ ඇතළු කණ්ඩායමට හදවතින්ම සුබ පැතුම්.!
මෙහෙම ජයක් ලබනවා කියල දන්නවනම් මැතිව්ස් පලවෙනි මැච් එක පරාද වෙච්ච ගමන් ලෙඩවෙලා ආපහු ලංකාවට නොයන්න ඉඩ තිබුණා....................
හතුරුසිංහ මිතුරු සිංහ වෙලා..............................
දැන් අර ඔළුව ඉදිමිච්ච ඇමතියා ගන්න හදයි මේ ඔක්කොම නම්බුවම, එයා කරපු ඉටි ගෙඩියක් නෑ.
ජයග්රාහී ක්රීඩාව දෙස මා අන්තර්ජාලය ඔස්සේ බලා සිටියේ ඉමහත් සතුටකින්. කොල්ලනේ! ඒ සතුට අපට හෙට දිනයේදීත් ලබා දෙන්න. අප ඔබට ණය ගැතියි.
මොකක්ද ඉතින් ඇති වැඩේ? සන්තෝස වෙන්න කිසිම දෙයක් නොවන රටේ,.. බංග්ලාදේශය සමග මැච් එකක් දින්නා කියලා වැඩක් තිබෙනවාද?