මනෝප්රිය ගුණසේකර
ජනාධිපති විමර්ශණ කොමිසමේ නිර්දේශ මත මුල්ම නඩු දෙක නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (25) පවරන ලදී.
බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශණ කොමිසමේ නිර්දේශ මත මෙලෙස මුල්ම නඩු දෙක පවරන ලද්දේ හිටපු ධීවර කටයුතු ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුලු පිරිසකට එරෙහිවය.
මීගමු කලපු සංවර්ධනයට මහා භාන්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වු බවට සහ ධීවර වරාය නීතීගත සංස්ථාවේ මුදල් අවභාවිතා කරමින් එම ජනාධිපතිවරණ සමයේදීම දින පොත් මුද්‍රණය කළ බවට චෝදනා කරමින් නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ මෙලෙස නඩු පවරන ලදී.
බරපතල සංචා සහ දුෂණ විමර්ශණ කොමිසම හමුවේ මුලින්ම මේ පිළිබඳ තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව නිතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකද ඔය මහලොකුවට බෙරිහන් දුන්න ලොකුම "බරපතල වංචාව සහ දුෂණය".
ඇත්තටම බැඳුම්කරය ළූණු බිකක්ක්...
කන්දක් විලිලා මීයෙක් වැදුවා වගේ.
මෙකලගේ මුණු දැක්කහම හොර ගතිය පේනවා....................
තව නඩු එනවා ඉවසන්ඩ. ජනාධිපතිතුමා කඩුව ගත්කා විතරයි.............
මහ බැංකු බැඳුන්කරෙන් රටට ට්‍රිලියනයක් පාඩු කල බව මුදල් රාජ්‍ය අැමති කිව්වා. රවිට නඩු දැමිය යුතු බවට කොමිසන් වාර්තාව රෙකමදාරැ කල බව ජනපති කිව්වා. මහ බැංකු අධිපතිගේ බෑනගෙ විසි දෙනෙක් වැඩ කොරන කොම්පැනිය හැටන් නැෂනල් බැංකුවෙ ලාභයට වැඩි ලාභයක් ලැබුවා. මහ බැංකු අධිපති රටින් පැන්නා. මුදල් භාරව හිටි අැමති රවිත් මහ බැංකුව බාර අැමති, අගමැති රනිලුත් පල් හෑලි කිය කිය යහතින් වැජඹෙනවා. කොහොමද සිරිසේනගෙ යහපාලන සෙල්ලං!
අනේ ඔබතුමා වගේ හරකෙක්...................
මේවා මහ විහිලු කතාවල්. වැරැද්දට දඩුවම් දෙන්න ඕන තමයි ඒත් ඡන්දයක් අස්සෙ රඟපාන්නේ නැතුව හිටියනම් තමයි හොද ඕන මෝඩයකුට තේරෙනවා.................
පුස්ස බින්දා වගේ... මහා ලොකුවට කෑගහල, තුට්ටු දෙකේ කාරණා වලට නඩු දානවා... ඔය පවතින ආණ්ඩුවට කඩේ යන ක්‍රමය අපේ රටේ කවදත් තියන බව ප්‍රසිද්ධ රහසක් නේ. ජාතික ධනය හොරකම් කරලා හරි අල්ලස් අරගෙන හරි මුදල් සාක්කුවට දාගත්ත අය ඉන්නවනම්, එයාලට නඩු දාල රාජ්‍ය ධනය ආපහු ලබාගන්න.
ඕක තමයි ගේම් කියන්නේ මිග් ගණුදෙනු , එයාර් ලංකා දුෂණ , 2008 සිට 2015 බැදුම්කර ගණුදෙනු වගේ ලොකු ඒවා යට ගහලා මේ වගේ සුළු ඒවා පෙන්නනේ ඉස්සර ලොකු හොරකම් වෙලා නැති බව පෙනෙන්න........... .
මහබැංතු ගේම් වගේද මේක.....ඒකනේ මහ බැංකුව කොල්ල කෑවට නඩු නැත්තේ තාමත්.......................
මේවට තමයි කියන්නේ හිටන් මෝඩ චුන් කියල
සිරි " මුල්ම නඩු දෙක " ටිකක් ඉඳල බලමු නේද ?? සමහර අයට බබාලා ලැබෙන්න කල් යනවනේ !!
සංසාරේ ගන්දස්සාරේ. මේ විකට ජවනිකා කවදා ඉවරවේද ? ආ 2015 ජනවාරි වල මහජනතාවට පොරොන්දු වුණේ මෙහෙමනේ............. දැන් මේ පාරත් පොරොන්දු වෙනවා . ලොකු හොරු නිදැල්ලේ............මොකද බය අනේ .
එක දවසට ඔක්කොම නඩු දාන්නා බෑනේ ... බයියෝ කලබල නොවී ඉන්න.
ඉවසලා ඉන්න. තව එන්න තියනවා පෝලිමේ. ඔහෙලා කියන්නේ ඉස්සෙල්ලම මහබැංකු ජල්බරිය ගන්න කියලද? පරණ ආණ්ඩුවේ ගැහිලි හොරකම් නොවෙයිද? රජතුමාලාගේ පවුල ගහලා තියන ගැහිල්ල ඔය ඔක්කොටෝම වඩා ඉහලයි. පෝලිමක් කියල එකක් තියනවනේ. ඉදිරියේදී ඒවා එකින් ඒක ඒවි. ඒක හින්දා නිකම් මෝඩ කතා දාන එකේ තේරුමක් නැහැ!
කවුරුත් කලබල වෙන්න එපා. මට පේන විදියට මේ දාන්නේ ඉක්මනට දිනන්න පුළුවන් නඩු. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. 1) ලිස්ට් එකේ ඉන්න අනිත් අයගේ ආතතිය වැඩිවෙනවා 2) පනින්න බලන් ඉන්න අය ඉක්මන් වෙනවා. කව්රු කව්රුත් වේදිකාවල කෑගැහුවට ඇතුලෙන් විඳවනවා.