බිමල් ශ්‍යාමන්
ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් ඒ.ස් ගුණරත්න හා හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඒ.එල්.ඩී ගුණරත්න මහත්වරුන් අද (25)අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සුඛෝපබෝගි වාහන අටක් මිල දී ගෙන රජයට මිලියන ගණනාවක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහි චෝදනාව වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අගමැති රනිල්ට කෝටි 10 කට අධික මිලකට වාහන ගෙනාපු එකට කාවද අත්අඩංගුවට ගන්නේ?
පහත් තැනින් යයි ගලා ජලේ ...
එදා කියපු ලැම්බෝගිනිද?
රටේ නායකයාට වාහනයක් ගන්න් බැරිද? ඒක රජයේ දේපළ විදිහට තියෙනවා...මිළදී ගැනීමකදී තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ කැබිනට් අනුමැතිය ඇති නේද? ගණකාධිකාරී මොකක් කරන්නද?
පවත්නා වාතාවරණයන් යටතේ රජයේ සේවකයින්රාජකාරී කරන්නේ. පසුගිය රජය කාලේ මේ දේශපාලකයින්ට විරුද්ධව රෙගුලාසියට වැඩ කරන්න ගිය මිනිසුන්ට වුණ දේවල් රට වැසියා හොඳින්ම දන්නවා. කෙලින් වැඩ කරන මිමිහෙකුට මේ රටේ තැනක් තිබුණේම නෑ. දැනට වුණත් දූෂකයින්ට, හොරුන්ට තියන තැන අවංක රජයේ සේවකයකුට නෑනේ. හැබැයි මේ කථාව දේශපාලකයින්ගේ රෙදි අපුල්ලපු, හෙංචයිය කම් කරපු අයට අදාළ වෙන් නෑ. අදටත් ජරාවට නැති අවංක රජයේ සේවකයින් සුළු ප්‍රමාණයක් හරි ඉතිරිවෙලා ඉන්නවා. ඒත් දේශපාලකයින් එකෙක්වත් ඉන්නවාද කියන එකයි සැක. මොකද මිස්ටර් ක්ලීන්ද ජරාව ගාගෙනයි ඉන්නේ.
අත්අඩංගුවට ගත යුත්තේ මේ දේවල් කිරීමට අණ දුන් අයවයි. බොහෝවිට මේ අය රජයේ සේවකයන් හැටියට ඉහළින් ආපු නියෝග ක්‍රියාත්මක කල අය පමණයි. ඕක තමයි ලංකාවේ නීතිය.
නාරද රජයේ සේවකයින් ඉහලින් එන අණ නොවෙයි ක්‍රියාත්මක කළ යුත්තේ. ව්‍යවස්ථාදායකය ගන්නා තීරණයි. ඉහලින් එන අණ නීතියට පටහැනිනම් ක්‍රියාත්මක කළ යුතු නැත.
හොරෙක් කවදාවත් තමන් හොරෙක් යයි කියනු ඔබ අසා තිබේද ? නැත . එසේනම් ඔහු සැමවිට තමාගේ හොරකම් වසා ගැනීමට වෙනත් අයෙකුට හොරෙක් යයි කියන බව පැහැදිලිය . හොරා කරනුයේ අනුන්ට . හොරා කියමින් ඔහු හොරා කෑමය.