(ක්රිෂාන් ජීවක ජයරුක්)
දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනයේ ප්රධාන සැකකරු වු දකුණේ ප්රකට පාතාල කල්ලි නායක මදුෂ් ලක්ෂිත නැමැත්තා ලබන මාර්තු මස 27 වැනිදාට පෙර අධිකරණයට හෝ පොලීසියට භාර නොවුනහොත් ඔහුගේ සියලු දේපල රාජසන්තක කිරීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන බව මාතර අතිරේක මහේස්ත්රාත් නිල්මිණී විතාරණ මහත්මිය නියම කළාය.
විවෘත වරෙන්තු ලැබ සිටින මදුෂ් නැමැත්තා 2014 වසරේ සිට අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන නිසා ඔහුගේ සියලු දේපල හා වත්කම් රාජ සන්තක කරන ලෙසට මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතාගේ උපදෙස් මත කඹුරුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඕ.යූ.ජයශාන්ත මහතා අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව අදාල නියෝගය ලබා දී තිබේ.
දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා මාකදුර නගරයේ දී වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2006 වසරේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චරම කාලයක් තිස්සේ අල්ලන්න බැරි වුණු එකෙන් මට නම් තේරුම් ගන්න පුළුවන් වැඩර්ලා කුඩා කියලයි. අධිකරණ ක්රියා මාර්ගය හරියටම හරි...
පිස්සුද එළියේ ඉඳන් කුඩු බිස්නස් කරනකොට ඔය දේපල වල වටිනාකම මාස කිහිපයකින් හම්මබ් කළහැක
සාදාරන විදියට මිනි මරල මංකොල්ල කාල හම්බ කරපු සල්ලි තියෙන්නේ . හොද ලෝයර් කෙනෙක්ව අල්ලලා උසාවියට යවන්න හැම එකකටම අදහස් දක්වන මිනිස්සු ඔහේ ගැන වචනයක් වත් කතා කරන්නේ නෑ මට හිතෙන හැටියට මිනිස්සු ඔහෙට සැහෙන්න බයයි . නරකද පීල්ල මාරු කරලා හොද පැත්තට අවොත් අපි කාගේත් මරණය කොයි වෙලේද කියල කවුරුත් දන්නේ නැනේ
රාජපක්ෂ සහ පෞලේ හොරුන්ගෙත් යහපාලන සහ එක්සත් ජාතික පක්ෂ හොරුන්ගෙත් සියලු දේපල රාජසන්තක කල යුතුය මුන් පාතාලයටත්වඩා හොරනඩයකි
අල්ලන්න බැරි එක නෙමේ අල්ලන්නේ නෑ. ඇල්ලුවොත් පාඩු නිසා. අදටත් කුඩු විකුණන අයව අල්ලනවද. ඔය පොඩියට කරන එකෙල් දෙකෙක් අල්ලනවා ලෝකෙට පෙන්න. මහා පරිමාණයෙන් කරන අය මිනි මරපු අය මුළු ලෝකෙම දන්නවා කෝ අල්ලනවද
අධිකරණ ක්රියා මාර්ගය හරියටම හරි දේශපාලන හොරුන්ටත් මේවගේම දඩුවම් දුන්නනම් හොදයි