සිරංගිකා ලොකුකරවිට
ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ අභාවප්‍රාප්ත වූයේය.
1943 මාර්තු 28 වැනි දින මහනුරව දී උපත ලැබූ හෙතෙම මහනුවර පුද්ගලික රෝහලක දී මියයන විට 74 වැනි වියේ පසුවිය. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ධර්මසේන පතිරාජයන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය.
1970 දී සතුරෝ නම් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් චිත්‍රපට ක්ෂේත්රයට පිවිසි ඒ මහතා 1974 වර්ෂයේ දී අහස් ගව්ව නිර්මාණය කරමින් ලාංකීය සිනමා ක්ෂේත්රයේ සිය සළකුණ තැබීම ආරම්භ කළේය. එයා දැන් ලොකු ළමයෙක් (1977) පොන්මනී, දෙමළ චිත්‍රපටය (1977) බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) සොල්දාදු උන්නැහේ (1981) , වාසුලි ( 1994, මෙතෙක් තිරගත වී නොමැත) මතුයම් දවස (2001) සක්කාරං (2016) ඔහුගේ විශිෂ්ට සිනමා නිර්මාණයන්ය.
මායා මන්දිර, සුභ අනාගතයක්, කඩුල්ල, වන්නි හාමිනේ වැනි ටෙලි නාට්‍ය කිහිපයක් ද ඒ මහතා අධ්‍යක්ෂණය කර තිබේ. සිනමාව, වේදිකාව මෙන්ම පරිවර්තන සාහිත්‍යයෙහි ද ධර්මසේන පතිරාජ විශිෂ්ඨයකු වූයේය. 2013 රාජ්‍ය සාහිත්‍ය උත්සව සම්මාන උළෙලේ දී පෙද්රෝ පරාමෝ පරිවර්ථනය සඳහා ආචාර්ය ධර්මසේන පතිරාජ, හොඳම පරිවර්තිත නවකතාවට හිමි සම්මානය දිනා ගැනීමෙන් ඒ බව සනාථ විය.
අවසන් කටයුතු මහනුවරදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනමා කලා වේදියණනි සිනමාවේ ඔබ කල සටහන් සදා අනුස්මරනීයය් ඔබට නිවන් සුව !
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් පසු මෙරට බිහිවූ විශිෂ්ඨතම සිනමාවේදීයා ඔහුයි. 70 දශකය, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය බවට පත් කළේ පතිරාජයන් ඇතුළු වම් ඉවුරේ සිනමාකරුවන් විසිණුයි. පුහු ජාතිවදී දේශපාලන චරිතයක සැබෑ ජාතිකත්වය ප්‍රශ්ණ කරමින් ඔහු නිර්මණය කළ කඩුල්ල අදටත් මෙරට බිහිවූ උසස්ම ටෙලි නාට්‍යය ලෙස සැළකේ. ගෞරවණීය දම්රද පුතණුවණි ඔබට සුබ ගමන්.
කලාකරුවානෙනි, ස්තූති ඔබට. සුබ ගමන් !
ඉතාම කණගාටුදායක ආරංචියක්. ඔබට සුභ ගමන්. කවදා හෝ කොතැනකදී හෝ නැවත හමුවෙමු.
'බඹරු ඇවිත් කියන්නේ මම බලපු හොඳම සිනමා පටය. මෙවන් විශිෂ්ඨයින්ගේ අභාවය මහත් පාඩුවක්. මෙතුමාට "නිවන් සුවය ලැබේවා !!!"
කිසිදා නොමැකෙන අග්‍රගන්‍ය සිනමා සිත්තම් පෙළක් අපහට දායාද කල අසමසම කලාකරුවාණෙනි!!! ඔබට නිවන් සුවය පතමි .....
සහෝදරයා ඔබේ වියෝව දුකක්, රටම ඔබ ගැන දුක්වෙනවා.
ධර්මරාජයට උපහාරයක් වූ පතිරාජයන්ට නිවන් සුව අත් වේවා!
දෛවය විසින් අපට කිසිදාක මුහුණට මුහුණ හමුවන්න ඉඩක් නොදුන්නද, මට ඔබව හමුවන්නේ ඔබගේ විශිෂ්ඨ නිර්මාණ තුලින්. වෙනත් වචන වලින් කිවහොත් කලා කරුවෙකු වුණත් කැමැතිවන්නේ ඔහුව පෞද්ගලිකව හමුවීමට වඩා වැදගත් වන්නේ ඔහුගේ නිර්මාණ තුලින් ඔහුව හඳුනා ගැනීමක්. ඔබ ලාංකේය සිනමාවට හා ටෙලි නාට්‍යය කලාවට දායාද කළ නිර්මාණ කිසිදාක මිය යන්නේ නැහැ. අපි සැවොම කිසියම් දිනක ජීවිතයට සමු දුන්නත් ඔබ සමුගත්තේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට කළ නොහැකි දෙයක් ඔබ උපන් දේශයට පරිත්‍යාග කරලයි. ඒ පිනම ඔබට ඇති සසර කෙළවර නිවන් දකින තුරු මිනිස් සංහතිය වෙනුවෙන් මතු භවයන් වලදීත් දැවැන්ත මෙහෙවරක් ඉටු කර සංසාරයෙන් සදහටම සමුගන්න.
ශ්‍රී ලංකාවේ වම් ඉවුරේ විශිෂ්ටතම සිනමා අධ්‍යක්ෂවරයෙකු හා සිනමාවේදියෙකු වන ධර්මසේන පතිරාජ මහතාගේ අභාවය ඉතාම කණගාටුදායක ආරංචියක්. එතුමාට නිවන් සුව අත්වේවා. !!!
ජීවිතය සාර්ථක කරගෙන විසු පුද්ගලයා මාරයාට බිය නොවෙති .. මොහු එවන් පුද්ගලයක් ..
සදාකාලික සිනමා නිර්මාණ කල ඔබට නිවන් සුව ලැබේවා.. !!!