අජන්ත කුමාර අගලකඩ
අල්ලස් දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාග කඩිනම් කිරීම සඳහා විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් යුත් විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝදනය කිරීමට අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙම විශේෂ මහාධිකරණය දැනට ක්රියාත්මක මහාධිකරණයේම කොටසක් ලෙස පවත්වාගෙන යෑමටද තීරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අවධානය යොමු වුන අපරාධ සම්බන්ධව විශේෂ අධිකරණයක් පළාත්බද මහාධිකරණයට සමගාමීව පිහිටුවීම සුදුසුයි.
මෙච්චර කාලයක් යකදුරෝ හොයාගන්න බැරුවනේ දැඟලුවේ. තොවිලේ නටල අහවරක් කරන්න දැන් ඉතිරිවෙලා තියෙන්නේ අවුරුදු දෙකකටත් අඩු කාලයක් ඔන්න.
ඕකටත් අන්තිමට ජනපති කොමිසමක් ඒවිද.
මේවා ඡන්දය නිසා දොඩවන මනස්ගාත. අවුරුදු දෙකක් එක හොරෙක් ඇල්ලුවද? බලයට එනකොට ජනතාවට දෙන පොරොන්දු අමතක කරලා මේ දේශපාලුවෝ බලයට ඇවිල්ල කරන්නේ මහජනතාව ගොනාට අන්දලා තමන්ගේ ගොඩ වැඩිකරගෙන මහජන මුදල් ගසා කන එකයි.