( ගම්පහ තිලකරත්න දිසානායක.)
කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත නගරය ආසන්නයේදී අද (30) අලුයම 5.15 ට පමණ පිහිටි මිනීමරු බෝක්කුව නමින් හැදින්වෙන ගැඹුරු ජලාශයට කන්ටේනරයක් පෙරලී ඇත.
කොළඹ සිට දඹුල්ල දක්වා රතුලුණු තොගයක් රැගෙන යමින් තිබු අඩි 40 ක් දිගැති කන්ටේනරයක් මෙලෙස පෙරලී ඇති අතර රථයෙහි කාර්මික දෝශයක් මත අනතුර සිදුව ඇති බව යක්කල පොලිස්ථානාධිපතිවරයා පැවසීය.
මෙම කන්ටේනරය කොළඹ සිට ත්රිකුණාමලය බලා ගමන් ගනිමින් තිබු බසයකද ගැටී පෙරලී ඇති අතර බසයේ ගැටී ඇත.
කන්ටේනරයෙහි රියදුරා පමණක් සිට ඇති අතර සුළු තුවාල ලබා ඔහු ගම්පහ දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මාර්ග මහජන ආරක්ෂාවට නව ආරක්ෂක අංශයක් ස්ථාපිත කරන්න. මිනීමරු බස් රථවලින් මිනිසුන් බේරගන්න. අපි බස්වල යන මිනිස්සු. අපි දකිනවා හැමදාම වෙන දේවල්. නොසැලිකිලිමත් රිය ධාවනයට නිසි ක්රියාමාර්ග ගන්න. අලුත් අංශයක් ස්ථාපිත කරන්න ඕන.
අනේ අපරාදේ විදුලි කණුව කැඩිලා
මම පසුගිය දවස් ටිකේ පොඩි වැඩක් කරගන්න ලේත් වැඩ කරන පට්ටලයක දවස් කිහිපයක් රස්තියාදු වුනා. එතකොට දැක්කේ වැඩිපුරම එතනට එන්නේ ලොරි සහ බස්වල කැඩුන කොටස් වැල්ඩින් කර පුරවා නැවත පට්ටලයෙන් කපාගෙන යන්න. එතන ඉන්න කවුරුහරි යන්තම් වැඩ පුළුවන් ළමයි දාල ඒවා කපල කොටලා හදල දෙනවා. එසේ සකස්කළ කොටස් යොදාගෙන දුවන බස් ලොරි හිටි ගමන් කඩාගෙන බිදගෙන මිනිස් ජිවිත බිලිගැනීම පුදුමයක් නොවෙයි. මේක දැකපු මට හිතුනා ලංකාවේ මිනිස්සු කොයි තරම් අනතුරු දායක පරිසරයක්ද ජීවත්වෙන්නේ කියලා.