(විනීතා එම් ගමගේ)
මාතලේ දිස්ත‍්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඡන්ද දායකයින් වෙනුවෙන් සංවිධානය කරන වන්දනා ගමන් නතර කළ නොහැකි තැන මාතලේ දිස්ත‍්‍රීක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා එම වන්දනා බස්රථවලට නැග මෙය නීති විරෝධී ක‍්‍රියාවකැයි සඳහන් පත‍්‍රිකා බෙදා ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.
මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනවල සිට තම බස් රථවලින් ඡන්ද දායකයින් වන්දනා ගමන් ගෙන ගොස් ඇතැයි දිගින් දිගටම පැමිණිලි ලැබුණු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.
මේ කටයුත්ත නීති විරෝධී ක‍්‍රියාවකැයි දිගින් දිගටම දැනුම් දෙද්දීත් එම නියෝජ්‍ය අමාත්‍යවරයා තම බස් රථවලට අමතරව සංචාරක නියෝජිතායතනයක සහය ලබා ගෙන බස්රථ ද යොදාගෙන සංචාර සංවිධානය කරන්නට පටන් ගත් බව තම නිරීක්ෂකයන් වාර්තා කලේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ අල්ලස් දීම නැවැත්වීමට මාතලේ දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා බොහෝ උත්සාහ දැරූ නමුත් අදාල නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ අවවාද නොතකා දිනපතා තම හෝටලයෙන් ඡන්ද දායකයින්ට ආහාරපාන දෙන්නට පටන් ගත් බව ද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ මිනිස්සුන්ට දෙන එක වළක්වන්න නරකයි. මේ අය අපේම සල්ලි හොරකම් කරලා අපිටම දෙනවා ඒ අය දෙනවා වගේ. මොන ආකාරයෙන් හරි හොර සල්ලි ආයිමත් ජනාතාවට ලැබෙනවා නම්, ඒක වළක්වන්න නරකයි. ඔක්කොම දේවල් අරගෙන ඡන්දෙ නොදී හිටියාම හරි...
ගමක පොඩි මිනිහෙක් අතින් වරදක් වෙලා බලන්න එපායැ. ඒ මනුස්සයාගේ ගේ ගිනි තියන්න ගහල පොලිසියට බාර දෙන්න අයියල එමට.
අපේ මිනිස්සු නිකම් දෙනවානම් ඕනෑම දෙයක් ගන්නවා .අධිනත්වයක් නැහැ.හැබැයි කතාකරන්නේ වසර 2600 අතීත උරුමය. ඉතාලියෙන් ටොපි, චීනෙන් සෙල්ලම් බඩු, ඉන්දියාවෙන් ලුන්ගි , මෙහි තිබෙන ලෝකයේ හොඳම මිනිරන්වලින් හෝ රබර් වලින් පැන්සලක් මකන කෑල්ලක්වත් හදන්නේ නැහැ නේද? සමුර්ධිය,ජනසවිය ගන්නා අයගෙන් කීදෙනෙක් අනවශ්‍ය විදියට දේශපාලනිකව ගන්නවාද?