බිඟුන් මේනක ගමගේ (ඡායාරූප - ළහිරු හර්ෂණ)
මනුෂ්‍ය ඝාතනයකට වැරැදිකරු වී මරණ දඬුවම ලබා සිටින යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනපති පොදු සමාව ඉල්ලීම ඇතුලුව ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් අස්සන් එකතු කිරීමක් ජාතික රණවිරු සහයෝගිතා එකමුතුව කොටුව දුම්රිය පොළ ඉදිරියේදී අද(30) ආරම්භ කැරිණි.
බැනර හා පෝස්ටර ප්‍රදර්ශනය කරමින් සංවිධායකයෝ මෙහිදී නිහඬ විරෝධතාවයක ද නිරත වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා සිරගත කොට ඇත්තේ බාල වයස්කාරයෙක් ඇතුළු දෙමළ ජාතිකයන් කිහිප දෙනෙකු මරා දැමීම සම්බන්ධ නඩු විභාගයෙන් වරදකරු වූ නිසයි. එම චෝදනා ඔප්පු වූ නිසයි ඒ මහතා සිරගත කොට ඇත්තේ . රණවිරුවෙක් ලෙස එතුමා කළ සේවය ඇගයීය යුතු වුවත් සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම නිසා සිරභාරයට පත්වූ පසු ජනාධිපති සමාවක් ඉල්ලීම කොතෙක් දුරට නිවැරදිද යන්න සිතා බැලිය යුතුයි
අමු අමුවේ සිවිල් මිනිස් ඝාතන කල කොටින්ට පොදු සමාව දුන්නානම්, ඇයි හමුදාවේ නිල දරුවන්න්ට පොදු සමාව හිමි නැත්තේ, අප්‍රිකානු ලතින් ඇමෙරිකානු බොහෝ රටවල යුධ සමතයකට පත්ත්වූ පසු බොහෝ දෙනා පොදු සමා ලබා ගත්තා.
බුදු අම්මෝ අපිට මක්කයි වෙන්න යන්නේ ?? බොලාට ලජ්ජා නැද්ද මිනිමරුවෙකුට නිදහස ඉල්ලන්න ?? නියම රණවිරුවෙක් කවදාවත් මෙහෙම නින්දිත වැඩ කරන්නේ නැහැ. එල්ලුම් ගහ නැති එකේ වැරැද්ද .
මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සැලකිය යුතුයි .
පිටරට සිටින අපි කොහොමද මේකට අත්සන් කරන්නේ? ඔන්ලයින් කරන්න විදිහක් නැද්ද?
ඡායාරුපයේ ඉන්න පොඩි දුව ගැන හරිම කණගාටුයි. දෙමාපියෝ වැරදි කරන්න කලින් හිතන්න ඕනේ තමන්ගේ දරුවන්ට යන කලදසාව. මේ නඩුව ගිය රජය සමයේ පවරා අධි චෝදනා 15ක් සාධාරණ සැකයෙන් තොරව වසර 15ක් කල් ගතවුනු අධිකරණ ක්‍රියාවලියකින් ඔප්පු කරපු එකක්. ගෙල කපා ඝාතනය වුන ගම්මු 8 දෙනා ගැන නඩු තීන්දුව කියවන්න. මේ වගේ තව ඔප්පු නොකළ අපරාධ කොපමණ ඇත්ද?
ත්රස්තවාදයට උදව්කල දෙමළුන් තමයි මරාදමා තිබෙන්නේ.. එමනිසා මොහුට සමාව ලැබිය යුතුය.
සිංහල කොල්ලනි, අන්තිම ප්‍රතිඵලය මේක නම් රට, ජාතිය ගැන සිතා හමුදාවට බැඳෙන්න පෙර දහස් වරක් සිතාපල්ලා. දෙමලෙකුට නම් නිදහස සිංහලයකුට නම් එල්ලුම් ගහයි...
බමුණෝ, අර පරණ කාලේ යාග හෝම නතර කරලා හිතල බලන්න හමුදාවට කොල්ලන් වැඩි දෙනා බැඳෙන්නේ රට ජාතිය ගැන හිතලම නොවෙයි, වෙන ජොබ් එකකට යන්න ඉඩක් නැති හින්ද! රට ජාතිය ගැන හිතුව නම් ඔහෙටත් යන්න තිබුනනේ හමුදාවට.. නිකම් බොරු ජාති ආලෙට වයින් දම දමා ඉන්නේ නැතුව ! දෙමල වෙච්ච පලියට හැමෝම කොටි නොවෙයි. ඔහෙලා වගේ අඥානයෝ තමයි, ජාති වාදය වපුරලා යුද්ධ වලට උඩගෙඩි දෙන්නේ! අහිංසක නිරායුධ මිනිසුන්ව මරනවානම් එක කොහොමද වීර කමක් වෙන්නේ?ලංකාව කියන්නේ තනිකර ම සිංහල බවුද්ධයන්ගේ රටක් නෙවි. බමුණෝ කොහොමටත් සිංහල නෙවි. බමුනෝ, බමුනොමයි!