(මනෝප්රිය ගුණසේකර)
හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරන ලද නඩුවෙන් නිදහස් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) නියෝග කළේය.
ගමනාගමන මණ්ඩලයට නියෝජ්‍ය සභාපතිවරයකු පත් කොට ඔහුට වැටුප් ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 32 ක පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
හිටපු ඇමැති වෙල්ගම මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර ලබා දෙමින් මහේස්ත්‍රාත් දුන් නියෝගය ප්රතිසංශෝධනය කරමින් එම නියෝගය අත්හිටුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා හරියන්නේ නැත චෝදනාවක් තිබෙනවානම් ඒකට කරුණු ඉදිරිපත් කරල නිදහස් වෙන්න නැතිනම් දඬුවම් විඳින්න.
ඒ ජාති දැම්මේ හිටපු උතුමාගේ කාලේ! මුළු දිස්ත්‍රික්කයම අයිතිකාරයා කියලයි හිතාගන හිටියේ නේද?
හොර, තක්කඩි දේශපාලනයට රිංගලා මුළු රටම වනසලා දැම්මා..
නඩු අහලා දඬුවම් දෙන්න ඉස්සර වෙලාම නිදහස් කරන්න කියා ඉල්ලන, ලෝකේ තියෙන එකම රට අපේ "සකල සිරින් පිරි සිරි ලංකාව" පමණක් වෙන්න ඇති. කොහොම වුණත්" රුපියල් ලක්ෂ 32 ක පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව ඇති චෝදනාව" ඉතාම සිල්ලර එකක් නොවේද? හාල්මැස්සෙක් අල්ලාගෙන එයාට විරුද්ධව නඩු දාන්න හදන මේරටේ, දැල් කඩාගෙන පැනපු තෝරු, මෝරු කොච්චර නම් නිදැල්ලේ පිහිනමින් ඉන්නවාද?