(රොමේෂ් මධුෂංඛ)
දෙමළ දේශපාලන සිරකරුවන්ට ඉක්මන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හා ඔවුන් වෙනත් බන්ධනාගාර වෙතට මාරු කිරීමට බලධාරීන් දැනුවත් කිරීමට සහය වෙන්නැයි ඉල්ලමින් සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා හමුවී සවස ලිපියක් බාර දෙනු ලැබීය.
දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් යාපනයේ පිහිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයට පැමිණ අදාළ ලිපිය බාර දෙන අවස්ථාවට උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාද සහභාගි වී සිටියේය.
එම ලිපිය මඟින් තවත් ඉල්ලා ඇත්තේ දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස වහාම වෙනත් බන්ධනාගාරවලට මාරු කොට ඔවුන්ට ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනම් අධිකරණමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කරවීමට රජය සමඟ සාකච්ඡා කරන ලෙසයි.
මෙම දේශපාලන සිරකරුවන් පිරිස රඳවා ඇත්තේ මහා අපරාධ හා පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් සමඟ බැවින් ඔවුන්ගේ ජීවිත වලට විශාල තර්ජනයක් එල්ල වෙමින් පවතින නිසා වහාම වෙනත් බන්ධනාගාර මාරු කරන ලෙස එම ලිපියෙන් පළමුව ඉල්ලා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නැති හින්ද අහන්නේ...කොහෙද ලංකාවේ දේශපාලන හිරකාරයෝ ඉන්නේ..
දින 100 අලුත් රටක් කිව්වේ නිකන්යැ. දැන් ත්රස්තවාදීන්ට කියන අලුත් නම දේශපාලන හිරකරුවෝ.
සිනමන් ග්‍රෑන්ඩ් එකට මාරු කළා නම් හොදයි. මේගොල්ලෝ හරි අහිංසකයන්ගේ පවු පාතාලේ අය මෙයාලට කරදර කරයි.