විනීතා එම් ගමගේ
රටේ වැදගත් පාසැල්වල කොඳු කඩන අරමුණින් ගුරු මාරුවක් කරගෙන යන්නේ යැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, පැපිලියාන සුනේත්රාදේවී පරිවේණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.
පසුගිය සමයේ රවි මාරුවක් කර රටේ ආර්ථීකය කඩා දැමූ ආණ්ඩුව රවි මාරුව, ගුරු මාරුව සමඟ ආර්ථීකය හා අධ්‍යාපනය විනාශ කර රටට සෙනසුරු උදාකර ඇතැයි ද උන් වහන්සේ කීහ.
උන් වහන්සේ මේ අදහස් පළ කළේ එළිය සංවිධානය මඟින් කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.එහි දී තව දුරටත් අදහස් දැක්වු අභයතිස්ස හිමියෝ මෙසේ ද කීහ.
‘‘රට පවතින්නේ තීරණාත්මක අවස්ථාවකයි. තව සතියක් ඇතුළත රට ඡන්දයකට මුහුණ දෙනවා. 2015 න් ආරම්භ වුණ වැඩ පිළිවෙළ අලුත් වෙනසක් සොයා ගෙන ගිය ආණ්ඩුවේ වැඩ පිළිවෙළ මෙතනින් අවසන් වේය කියා සමහරු කියනවා. තවත් අය කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියලයි.
මොනදේ කිව්වත් අපි තේරුම් ගත යුතු දේ නම් මේ ආණ්ඩුව 2015 ආරම්භ කළ ගමන 2018 පෙබරවාරි වෙන කොට ජනතාව මොන මට්ටමින් ද අනුමත කරන්නේ කියන එක ගැන ජනමතයක් බවට මේ මැතිවරණය පත්වෙනවා. මේ නිසා මෙය සුවිශේෂි ඡන්දයක්. රට ඛෙදුම්වාදයට ඇදී ගෙන යන බව අපි නිතර නිතර මතක් කළා. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට හොඳ යැයි කියන ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න අනෙක් පාසල්වල ළමයින්ට හොඳ නැද්ද?
හොඳ ගුරුවරු අනිත් දුෂ්කර පළාත්වලටත් දැම්මනම් කොච්චර හොඳද. එතකොට පළාත් දිස්ත්‍රික්ක වශයෙන් විශ්වවිද්‍යාල වලට ඇතුලත් කෙරීමේ අවම ලකුණු යනාදිය ඉවත් කරන්න පුළුවන්.
ආ ඇත්තද? අපි වගක් දන්නේ නැහැ
ජනතාව කල යුත්තේ එක එක්කෙනාට එක එක කාලෙට සෙනසුරු දසාව ගෙන ඒමට නොව අවුරුදු 70ක් තිස්සේ මේ එක දිගට යන සෙනසුරු දසාව දුරු කිරීමට විකල්පයක් කල්පනා කරන එකයී!
අපි නොදන්න ගුරු මාරුව පොහොට්ටුවේ ඡන්ද ප්‍රචාරණය
එතකොට ලංකාවේ වැදගත් පාසල් නොවැදගත් පාසල් කියල දෙජාතියක් තියනවද?
ගුරුමාරුව මුවාවෙන් එකවර බහුතර ගුරුවරුන් පිරිසක්ම පාසලෙන් මාරු කරන්නේ නම් එය තරහට කිරීමක් කියා කිව හැක. මගේ පාසලේ ගුරුවරුන් 60 දෙනෙක් එකවර මාරු කර යවා තිබුනා. පාසලක ගුරුවරුන් පාසල් පද්ධතියට අනුගතවීමක් සිදුවන්නේ හෙමින් සීරුවේ. ඉන්පසු ඔවුන් ආදරයෙන් රැකබලාගන්න පාසලක ගුරුවරුන් 60 දෙනෙක් එකවර මාරු කිරීම සිදුකරන්නේ කුමන අරමුණකින් ද යන්න නම් මට වැටනොහේ. අවසානයේ පාසලක තිබෙන සියලු හරපද්ධතින් සමග ගුරවරුන් බහුතර පිරිසක් එකවර උගුලා දැමීම අනුමත නොකරමි .එය පුද්ගලික කෝන්තරයක් විනා චක්‍රලේඛන පිලිපදීමක් යයි අනුමාන කිරීම කල නොහැක.
යම් යම් වැරදි ඇතත් ගුරුමාරු වැඩපිලීවෙල රජය ගත් එඩිතර පියවරක් බව අවංකව ප්‍රකාශ කලහැක
මේ රජය කරන කිසිම දෙයක පිළිවෙලක් නැහැ. මොනවා කලත් හබක්. මම නම් හිතන්නේ මුළු රජයම වෙනස් වෙන්න ඕනෑ. අලුතින්ම පටන් ගන්න ඕනෑ. කුණුවෙච්ච බිත්තරයක් වගේ මේක කුණුබක්කියට දාලා අපි අලුතින්ම පටන් ගනිමු.
වැඩේ කියන්නේ මේ ගුරු මාරුව වෙන්නේ සිංහල බෞද්ධ පදනමක් තියෙන පාසල් වල විතරක් වෙන එකනේ.
රටේ වැදගත් හා පහත් යනුවෙන් පාසල් වර්ග දෙකක් තිබේද.? වෙදගත් පාසල් වලට යන්නේ වැදගත් දරුවන්. ඒවාට හොද ගුරුවරු හිමි විය යුතුය. ගස් නගින අයගේ දරුවන්ට ඕනෑ ද හොද ගුරුවරු.
පිරිවෙන් ටික බලා ගෙන ඉන්නකෝ !!!
හාමුදුරුවනේ, තමන්ගේ වගකීම ශාසනයේ ගරුත්වය තියාගෙන උතුම් බුදුදහම වෙනුවෙන් වැඩකරන්න. ඔය එළිය කියන්නේ රටම අඳුරට හෙළන්නට තමන් කරපු මහ හොරකම් වසාගෙන බලයට ඇවිත් භීෂණය, දූෂණය වපුරන්න ප්ලෑන් කරන කෙනෙක් වෙනුවෙන් හදපු සංවිධානයක්... ලැජ්ජා නැතිද බෞද්ධ භික්ෂුවකට එක එක අයට කඩේ යන්න. හාමුදුරුවනේ කිසිම වෙනත් ආගමික පූජකවරු... හොරුන්ට, දේශපාලකයින්ට කඩේ යන්නේ නැහැ. හාමුදුරුවරු විතරයි මේ වැඩ කරන්නේ. අපි සිව්පසය දෙන්නේ, දණනමා වඳින්නේ පූජනීයත්වයටයි. ඒක කෙලෙසන්න එපා..
ප්‍රතිචාර ප්‍රමාණයන් බැලුවිට පෙනී යන්නේ මෙම ලිපිය වැඩිපුරම කියවා ඇත්තේ සුඛෝපභෝගී පාසල්වල ගුරුවරුන් බවයි.
මේ... බොරුවට කහපාට කබායක් කරේ දාගෙන .. ඔහේ කෑ ගහනවා ...
සරත් මහතාණෙනි, පසුබිම බලන්න. ඔය කියන බොහෝ ගුරුවරු මුදලාලා වී නොමැතිදැයි බලන්න. ගුරුවරු විදුහල බබලවනවා නොව විදුහලින් බැබලී පෞද්ගලික පන්ති ව්‍යාපාරය කරනු ලබයි. එවැනි ඒකාධිකාරයන් මැඩලීමට මාරුකිරිම් අත්‍යාවශ්‍යයි. එකවර 60 මාරු කළද 60ම එක පන්තියට ඉගැනීම් නොකරන බැවින් එක් එක් ළමයාට බලපෑම අවමයි.
මෙයාට නම් සිකුර ලබල වගේ රවිට සෙනසුරා
රවී ගේ මාරුවීම කෙසේ වෙතත් අපේ රවිගේ මාරු කිරීම රටට බොහොම වැදගත් නැත්නම් තවත් කොච්චර දේවල් වේවිද ?
රවී මාරුව කොහොම වෙතත් ගුරු මාරුව බොහොම හොදින් කරන්න ඕනි. දේශපාලන පලි නැතුව විධිමත් ආකාරයට කරන්න ඕනි. සමහර ගුරුවරු හිතන් ඉන්නේ පාසල් තමන්ගේ සින්නක්කර බූදල් කියල.
මොකක්ද මේ බෞද්ධ පදනම ? ගාල්ලේ රිච්මන්ඩ් සවුත්ලන්ඩි මහින්ද ගත්තම ඒ තුනේම ගුරුවරු මාරුකලා. ඒක ඉතාම හොඳ දෙයක් පාසල්වල නින්දගම් කරගෙන හිටපු මාපියාවන් කඩපු එක. ගාල්ලේ මුසිල්ම් පාසල් දෙකක් හැර ඔය කියන පාසල් තිබේද නැද්ද නොදනී . ඒ වුවද සියළු පාසල් වලට ආගම් ජාති බේදයෙන් තොරව ළමුන් ඇතුලත් කර ඇත.