(ඩයනා උදයංගනී)
ලබන 4 වැනි දා ට යෙදෙන 70 වැනි නිදහස් සැමරුම නිමිති කරගනිමින් ශ්රී ලංකා මහ බැංකුව රුපියල් 1000ක වටිනාකමකින් යුත් සමරු නෝට්ටුවක් නිකුත් කර තිබේ.
මෙය මහ බැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු නෝට්ටුවයි.
මෙහි වම් පස කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ හා 70 වැනි නිදහස සැමරීමේ ලාංඡනය යොදා ඇති අතර 11 වැනි කාණ්ඩයේ 1000 නෝට්ටුවේ මැද ඇති රම්බොඩ උමගේ ඡායාරූපය වෙනුවට පල්ලිය, පන්ස,, කෝවිල සහ මුස්ලිම් දේවස්ථානය සහ දැක්වෙන රූප යොදා තිබේ.
මෙම සමරු මුදල් නෝට්ටුව ලබන 6 වැනිදා සිට බලපත්ර ලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කෙරෙන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පල්ලිය, පන්සල, කෝවිල... ඉස්සර නම් පන්සල, පල්ලිය, කෝවිල ...
මේ රටේ ඉතිහාසයේ ලොකුම වංචාව සිහිකිරීම සඳහා ඔවුන්ගේ පින්තූර දැම්මා නම් හොඳයි.
නිදහස ලැබුණු දාද නිදහස නැතිවී ලාංකිකයෝ කියන හොරු කැලකට රට ගියදාද? දුප්පතෙක් ලෙස එංගලන්තෙට නැව් නැග්ග ශ්රීමත් ඩී බී ජයතිලක නැවෙන් බැස්ස විගස ලන්ඩනයේ වටිනාම ස්ථානයෙන් මන්දිරයක් මිලදී ගත්තේ කෙසේද? අද එය තමයි ලන්ඩනයේ ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලය...
ලෝකේ කොහෙවත් නෑ... මේවගේ බාල්දු වෙන මුදල් නෝට්ටු .. ඇමතිගේ නම කොටාගන්න තමයි මේ හදන්නේ. පුදුම රටක් වෙලා මේක දැන්...
මේ රුපියල් 1000 නෝට්ටුවට කුරුඳු තෙල් සුවඳ කවලා තියෙනවා නම් මිල කළ නොහැකි වටිනාකමක් ලැබෙනවා සිකුරුයි.
මගේ රටට දළදා හිමි සරණයි.. මගේ දැයට දළදා හිමි සෙවණයි !!
ඇත්තෙන්ම මේ නොට්ටුවට දාන්න තිබුණේ මහබැංකුව කඩපු "තක්කඩි රෑනේ" පින්තූර ටිකයි.
අත්සන් කරපු දෙන්න කවුද ?