(රොමේෂ් මධුෂංඛ)
යාපනය අරාලි උතුරු ප්‍රදේශයේ කුඹුරක අතහැර දමන ලද ළිඳක තිබූ යුද උපකරණ රැසක් සොයා ගත් බවට යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.
කුඹුරේ හිමියා විසින් අදාල ළිඳ පිරිසිදු කිරීමට යාමේදී මෙම යුද උපකරණ තොගය දැක ඇති අතර පසුව ඒ බව යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට දැනුම් දී ඇති අතර පසුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් පැමිණ අදාල යුද උපකරණ තොගය ආරක්ෂාකාරීව ගොඩට ගෙන ඇත.
අදාල යුද උපකරණ තොගය අතර ටී.56 ජීව උණ්ඩ 14972 ක්, එම්.පී.එම්.ජී. ජීව උණ්ඩ 1160 ක්, මෝටාර් ෆියුස් 10 යි, ග්‍රෙනෙඩ් ලෝන්චර් 10ක්, මෝටාර් උණ්ඩ 22 යි, ආර්.පී.ජී.සෙල් 2 ක් මේ අතර තිබී සොයා ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ කාලයක් ළිඳේ තිබුණට උණ්ඩවල පාට අලුත්...
හුඟක් අය ප්‍රර්ථනා කරන්නේ ආයෙත් මේ වගේ යුගයක් තමයි...
මේවා යුද්ධය ඉවරවෙන්න කලින් දාපු උණ්ඩ කියලා හිතන්න අමාරුයි (අලුත් පාටයි)
අලුත් උණ්ඩ මේවානම් යුද්ධ කාලේ දාපුව වෙන්න බෑ
මේවා ලිඳේ අවුරුදු ගණනක් තිබුන ඒවාබව පෙනෙන්නේ නැහැ. ඔය කියන කුඹුරේ හිමියා ළඟ මෙපමණ කලක් තිබී ඔහු විසින් ලිඳකට දමා පසුව පොලිස්සියට පැමිණිලි කලාද දන්නේ නැත. එහෙම වෙන්නත් ඉඩ තිබෙනවා. කොහොම නමුත් මේ යුද ආයුධ අවුරුදු 8 වතුරේ තිබුන ඒවා නොවෙයි. පොලිස්සිය බඩු කාගේද කියලා සොයා ගනී. හැබැයි මේවා හොඳටම ප්‍රමානවත් හමුදාවට තව අවුරුදු 20-30 උතුරේ රැදී සිටින්න.
මෙතන මොකක් හරි හොරයක් තියනවා වගේ.