අජන්ත කුමාර අගලකඩ
 
අල්ලස් හෝ දූෂණ චෝදනා පනත යටතේ ගැනෙන නඩු මහේස්ත්‍රාත් අධිකරණයට අමතරව මහාධිකරණයේදී විභාගයට ගත හැකි වන ලෙස නව නීති ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
 
ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   අද පැවැති කැබිනට් රැස්වීමට ගෙනා ඇමැති මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව තිබේ.
මේ යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා පනත සංශෝධනය කිරීමට නියමිතය.