අජන්ත කුමාර අගලකඩ
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා ගෙනන ලද යෝජනාවක් සාකච්ඡාවට ගැනීම අද දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී පසුවට කල් දැමූ බව වාර්තාවේ.
මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බැවින් දැනට සහල් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව අද කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කිරීම නොකර කල් තබන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දි තිබේ.
මේ අතර සතොස මගින් ගෙන්වන ලද සහල් මෙට්‍රික් ටොන් 7000ක් පමණ අලෙවි නොකර තිබෙන බව ද කැබිනට් රැස්වීමේදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඒ ටොන් 7000 නරක් උනොතින් ඉතින් මක්ක කරන්ඩද? කොමිසන් එක නියම වෙලාවට නියම තැනට නියම ක්‍රමයට නියම ප්‍රමාණයන් අනුව බෙදා හදා ගන්න කිසි බාධාවක් නැත්නම්
පෙරදිග ධාන්‍යාගාරය
ආනයනය කල කොම්පැනිය අසාදු ලේඛන ගතකලාම හරි නේද?
මොකද මල්ලි ලඟ තියෙන හාල් ටික වැඩිමිලට විකුණගන්න බැරිවේවි කියලා බයද? ඒ ටික විකුණලා ඉවරවෙලා, ඡන්දෙත් ඉවරවෙලා හාල් ටික ගෙන්නුවාම ගොවියන්ගේ අලුත් අස්වැන්නේ මිල තුට්ටු දෙකට දෙමළ මල්ලිටම ගන්න පුළුවන්නේ. කොහොමද මෙයාගේ ටිකිරි මොලේ?
කව්ද දන්නේ නැහැ ඔය කෘත්‍රිම හාල් හිඟ රටේ ඇති කරන්නේ?
සහෝදර ජනතාවට සහෝදරයාගේ පිහිට ලබෙන්නවත් යනවාද?
ඡන්දයක් එන්නම ඕනෑ.. මෙයාට රට පාලනය කරන්න මතක් කරන්න...
අරලිය මල්ලිද කිව්වේ හාල් ගෙන්නන එක නවත්තන්න කියල? අපි බත් කන හරක් කියලද හිතාගෙන ඉන්නේ? ලංකාවේ හාල් මාෆියාව කරන්නේ මෙයාගේ මල්ලි. හොරු දහස් ගණනක් ඉන්න රටේ බැඳුම්කරයක් අල්ලගෙන නාට්‍යයක් පෙන්නනවා. හොරු අල්ලන එක ගෙදරින් පටන්ගන්න.
මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බැවින් " අරලිය සහල් " වෙළඳපළට....
2015ට ඉස්සර නම් පෙරදිග ධාන්‍යාගාරයක්... එ්කනේ මත්තල වී ගබඩාවක් වුණේ. දැන් හාල් පිටරටින් එනකම් බලා ඉන්න ජාතියක්...
මල්ලිගේ මෝලේ හාල් තත්වේ හොඳ ඇති...
රිෂාර්ඩ් බදුර්දීන්ගෙන් වෙළඳ ඇමති ධුරය ජනාධිපති යටතට ගතයුතුයි. අවශ්‍ය මොහොතේ රටේ හාල් නොමැතිව, වී අස්වනු වෙලාවේ මොනවට පිටරටින් හාල් ගෙන්වන්න ඕනෑ...
අනේ ඕක සුළු දෙයක්නේ ....ටොන් 7000 ම පුන්නක්කු හදලා දෙමු ඔය දියවන්නාඔය ඉන්න නාකි, තරුණ රෑනටම... දවසින් දෙකෙන් පුන්නක්කු තොගයම ඉවර කරලා දන්නා පුළුවන් ඉතින් කලබල නොවී එය කරමු. නැත්නම් ඔය කට්ටියට අපේම බදු මුදල්වලින් නේද කන්න බොන්න දෙන්න වෙන්නේ?
දියවන්නා ඔය පැත්තෙ කට්ටිය කන්නේ බාස්මතී විතරයි. ඕවා ගෙන්නන්නේ ජන්දෙ දීපු ගොන්නුන්ට දෙන්න.