ඉන්දිකා රාමනායක
අධිකරණ නීති සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඉකුත් (25) වැනි දින සරසවි සිසුන් පැවැත් වූ විරෝධතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධියේ සැකකරුවන් හදුනාගැනීමට විරෝධතාව සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන වල විකාශනය වු දර්ශන ලබා ගැනීමට මහේස්ත‍්‍රාත්වරයාගේ අවසරය ලබා ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකරයා කීය.
එම වීඩියෝ දර්ශන ලබාගෙන ඒ අනුව පරීක්ෂණ පවත්වා සිද්ධිය මෙහෙය වු ප‍්‍රධාන සැකකරුවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළපාලියට ඔය තරම් කඳුළු ගෑස් වතුර ගහලත් බැරි වුනාද එයාලා හඳුනා ගන්න. ඒ කැම්පස් කෙල්ලෝ කොල්ලොනේ.
සාධාරණ උද්ඝෝෂණ පෙළ පාලිනම් කමක් නෑ.. දැඩි පියවර නොගතහොත් පොලිසියෙන් පලක් නෑ...මෙකට සහභගාගී වු සියල්ලන්ම දුෂ්ටයෝ.. අධ්‍යාපනය විනාශ කරන්නෝ.. මානව අයිතිවාසිකම් විනාශ කරන්නෝ..
සාධාරණ උද්ඝෝෂණය කරන ළමයින්ව අල්ලලා හිරේ දාන එක නම් හරිම විහිළුවක්. මහා බැංකු හොරුන්ව අල්ලන්න බැරි පොලිසියක් කොහොමද සාධාරණ උද්ඝෝෂණයක් කරන ළමයින්ව අල්ලන්න නේද?