හිරාන් ප්‍රියංකර ජයසිංහ
කල්පිටිය ආලංකුඩා මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරයකු සිසුවකුට දඬුවම් ලබා දිමට කුපිත වු දරුවාගේ පියා ඇතුළු හය දෙනෙකු අද දින උදෑසන පාසලට කඩා වැදි අදාල ගුරුවරයාට පහර දි ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආලංකුඩා මුස්ලිම් විද්‍යායේ 10 ශ්‍රේණිය පංති භාර ගුරුවරයාය.
ගුරුවරයා පොලිසියට ලබා දි ඇති ප්‍රකාශයේ සදහන්ව පංතියේ අධ්‍යාපනය ලබන සිසුවකු දිගින් දිගටම සිසුවියන් ට නොහොබිනා ලෙස විසුළු කරමින් හැසිරීම ගැන අවවාද කර තිබුනද එය කිසිදු ආකාරයක පිළි නොගත් බවයි. ඉතාමත් අශෝබන ආකාරයට හැසිරෙන අවස්ථාවක දී දඬුවම් කළ බවත් ඉන් පසුව සිසුවා පාසලට පවා නොදන්වා පාසලෙන් නිවසට ගොස් පියාට දන්වා ඇති බවත් තම දරුවාට පහර දීමට කුපිත වු පියා තවත් පස් දෙනෙකුද රැගෙන පාසලට කඩා වැදී පංතියේ සිටි තමාට පංති කාමරයෙන් ඇද ඇදගෙන ගොස් පහර දුන් බවත් ගුරුවරයා කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම දෙමවුපියෝ. අදහන්න වටිනවා. තම දරුවන්ට ජීවිතේටම වටිනා ආදර්ශයක් දීලා තියෙන්නේ.
කෝ දැන් අර ගුරු සංගම්කාරයා? නිදිද?
ඔන්න අවුරුදු 70 තිස්සේ අපේ පාලකයෝ සමාජය ගෙනාපු තැන. දේශපාලඥයෝ ගුරුවරු දන ගස්සනවා. ළමයෙක්ට දඩුවමක් දුන්නොත් හෙන්චයියෝ ගුරුවරුන්ට නෙලනවා. මේ ක්‍රමය වෙනස් විය යුතු නැද්ද.....
දරුවාව දේශපාලකයෙක් කරන්න මේ තාත්තට ඕනවෙලා වගේ පෙනෙන්නේ..
බටහිර රටවල පිළිගත් ක්‍රමය වන්නේ දරුවා වරදක් කලොත් පළමුව දෙමාපියන් ගෙන්වා ඔවුන්ව දැනුවත් කිරීමයි. ඉන් පසු දරුවාට විනයානුකූල දඩුවම්. ශාරීරික දඩුවම් සපුරා තහනම්. ඒකට මෙහෙ. ගුරුවරු ඉන්නේ කොයි වෙලාවෙ දරුවන්ට පහර දෙන්න අවස්තාව ලැබෙයිද කියාලා. ලංකාවෙ ගුරුවරු, දෙමාපියන් කවදා හැදෙයිද..
හා හා දරුවනේ... ඕවට මුකුත් කියන්න යන්න එපා. ඕකට තමා සහජීවනය උතුරන් යනවා කියන්නේ.
මේක ඉතාමත් බරපතල වරදක්. රාජ්‍ය ආයතනයකට බලෙන් ඇතුළුවීම ජනරාශී වීම, රාජකාරියට බාධා කිරීම, සේවයේ යෙදීසිටි රාජ්‍ය නිලධාරියෙකුට පහරදීම ඇතුළු වැරදි රාශියක් මෙතන සිදුවී තිබෙනවා. මේ සැකකරුවන්ට තද දඩුවම් නොදුන්නොත් ඉදිරිය බොහොම භයානකයි.