(විනීතා එම් ගමගේ)
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනෝද්‍යාන හා රක්ෂිත වනාන්තර තුළට පොලිතින් හා ප්ලාස්ටික් වර්ග ගෙන යාම හෙට (04) සිට සපුරා තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව ස්වභාවික රක්ෂිත, ජාතික උද්‍යාන හා ලෝක උරුම රක්ෂිත තුළට පොලිතින් හා ප්ලාස්ටික් ගෙන යාම සපුරා තහනම් වේ.
ප්ලාස්ටික් බෝතල්,පොලිතින් ආහාර ඇසුරුම්,හා වෙනත් පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය එම වනාන්තර තුළට ගෙන යාමට ඉඩ නොදෙන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. අපේ රටේ මිනිස්සු ගිය තැන වනසලයි එන්නේ...
මොන නීති දැම්මත් අපේ මිනිසුන්ට වැඩක් නැහැ. කවුරුත් තමන්ගේ උපන් බිමට ආදරය කරන්නේ නැහැ. අපෙ ගම්වල සුන්දරත්වය නැති වුණා. ඕනෙ තැනයි, එපා තැනයි තානායම් ඇරියා.. අද ගම්වල ගොඩක් ගෙවල් සතියට දෙකට කුලියට දෙනවා. එන මිනිසුන් ගස්වැල් වලට විතරක් නෙවෙයි, ගමේ මිනිසුන්ට බොන්න තියෙන වතුර ටිකත් විනාශ කරලා යනවා .