(මනෝප්‍රිය ගුණසේකර)
මොහෙමෙඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42 ක අල්ලසක් ලබා දීමට තැත්කළ බවට චෝදනා ලැබ වසර 8ක් තිස්සේ අධිකරණයට ඉදිරිපත් නොවී සැගවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයෝන් මුස්තාපා මහතා නීතිඥයෙක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරවිය.
2010 ජනාධිපතිවරණ අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාට පක්ෂව කටයුතු කිරීමට කැමති කරවා ගැනීම සඳහා මොහෙමෙඩ් මුසම්මිල් මහතාට අල්ලසක් ලබා දීමට තැත්කළේ යයි මයෝන් මුස්තාපා මහතාට චෝදනා එල්ල වී තිබිණ.
ඔහුට එරෙහිව නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ කැදවූ අවස්ථාවේ මයෝන් මුස්තාපා මහතා මෙසේ අධිකරණයට භාරවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කනේද යහපාලනය කියන එක? වසර 5ක් තිස්සේ පහුගිය රෙජීමයේ රැකවරණය යටතේ "හැංගි මුත්තන් " කෙළිමින් ඉඳලා හිටපු ගමන් දොට්ට දාපු හැටි? මෙයාගේ බොස් දැන් මොනවද කියන්න හදන්නේ?