චීනයේ හොංකොං නගර මධ්‍යයේ තිබී හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කළ බව හොංකොං පොලිසිය පවසයි.
ඉදිකිරීම් වැඩබිමක තිබී හමුවූ මෙම බෝම්බය කිලෝග්‍රෑම් 450ක් පමණ බරින් යුක්ත බව වාර්තා වී ඇත. බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පෙර ඒ ආසන්නයේ නවාතැන්පොලවල් හා හෝටල් වල සිටි 1500ක පමණ පිරිසක් ඉවත් කර ඇති අතර පාරවල් කිහිපයක් වසා දැමීමට පොලිසියට සිදුවී ඇත.
මෙය ඇමරිකාවේ නිශ්පාදිත බෝම්බයක් බවත් 1941 - 1945 අතර කාලයේ හෙළනලද බෝම්බයක් බවත් හොංකොං පොලිසිය පවසයි. පසුගිය ඉරිදා ද මෙවැනිම බෝම්බයක් ආසන්න ස්ථානයක තිබී හමුවී නිශ්ක්‍රීය කල බව මාධ්‍ය වාර්තා කර ඇත.
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1994-2001 කාලේ ලංකාවට වැටුන බෝම්බයක් පුපුරන්න කිට්ටුව අත්තනගල්ලේ තියෙනවා.ඒක අනිවාර්යයෙන් නිෂ්ක්‍රිය කලයුතුයි !
මේවගේ නොපිපුරුණු බෝම්බ තව කියක් ලෝකය පුරාවට ඇතිද? යුධයේ ප්‍රතිපල.
සරත් ඔය කියන ජාතියේ බෝම්බ අත්තනගල්ලේ විතරක් නොවේ ලංකාවේ හැම තැනම තියෙනවා