(මනෝප්රිය ගුණසේකර)
මදුරුවන් බෝවෙන පරිදි නිවාස පරිශ්රය පවත්වාගෙන ගිය දෙමටගොඩ ප්රදේශයේ පුද්ගලයකුට නඩු නොපවරවා සිටීම සඳහා රුපියල් 20,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරුවු පොලිස් කොස්තාපල්වරයකුට වසර 20ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුගේ ප්රජා අයිතිය ද අහෝසි කළේය.
විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 20,000/- මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා එයට අමතරව ඔහුට දඩයක්ද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙජින් ගනුදෙනුව නිසා ලංකාවට අහිමි වූ මුදල් ප්රමාණය රුපියල් මිලියන 96000, ශ්රී ලංකන් අලාභය රුපියල් මිලියන 146000, මිහින් ලංකා අලාභය රුපියල් මිලියන12300, ග්රීක් බොන්ඩ් අලාභය රුපියල් මිලියන 3900, මත්තල ගුවන් තොටුපල ඉදිකිරීම් වියදම රුපියල් මිලියන 46000, නෙලුම් කුලුන ඉදිකිරීම් වියදම රුපියල් මිලියන 7600, ආරක්ෂක මුලස්ථානය ඉදිකිරීම් වියදම රුපියල් මිලියන 64000, හම්බන්තොට වරාය ඉදිකිරීම් වියදම රුපියල් මිලියන130000, මිග් ගනුදෙනුව රුපියල් මිලියන 85000, පිරමිඩ් ගනුදෙනුව අලාභය රුපියල් මිලියන11800. මේ වගේ මහා පරිමාණයෙන් රටේ සාරය කොල්ල කාපු අයටත් රුපියල් 20,000ක අල්ලසක් ගත්ත රාලහාමිට දඬුවම් දුන්න වගේ ඉක්මනින් දඬුවම් දෙන්න බැරි ඇයි?
කොහොමද පොඩි මිනිස්සුන්ට ලැබෙන නඩු තීන්දු
වැරද්දක් තමයි, හැබැයි මේවා දැක්කම හිනා යනවා. රුපියල් 20000 ට අවුරුදු 20ක් හිරේ.
කෝටි ප්රකෝටි හොරකම් කරපු අය රුපියල් දාහේ දෙදාහෙ දඩ ගහල නිදහස් කරනවා. පට්ට නීති විරෝධ් වැඩ කරල ඇප පිට නිදහසේ ඉන්නවා ඒ මදිවට රටවලත් යනවා. මේ නීතිය නම් දුප්පත් අපිටම දඩුවම් කරන්න හදපු එකක්..
ප්රජා අයිතිය අහෝසි කරලා? ඔය තියෙන්නේ? එහෙම නම් අර ලොක්කෝ වැරදිකාරයො වුනොත් වැඩේ බලාගන්න පුළුවන් වේවි!
මේ වගේ අවංක එඩිතර තීරණ ගන්න විනිසුරුවරුන්ට මගේ ආචාරය
20000 අල්ලසට ඔහොමනම් කෝටි ප්රකෝටි ගණන් මහජන මුදල් හොරකම් කල දේශපාලකයන් තවමත් නිදැල්ලේ. ඒ ඇයිද?
මෙයාට මෙහෙම නම් අරයට කොහොම වෙන්න ඕනෙද?
ලංකාවේ නීතියට හා විනිසුරන්ට ප්රමිතියක් තියෙනවද?
පට්ට නඩු තීන්දු...