නිමල කොඩිතුවක්කු
මෙවර පළාත් පාළන මැතිවරණයේ අවසන් දින කිහිපයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්ව ආණ්ඩුව මැතිවරණ වාසි ලබා ගැනීමේ සැලසුමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මැතිවරණය අවසන් වූ වහාම ඔහු නිදහස් කිරීමේ එකඟතාවය මත මෙම සැළසුම ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියේය.
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රි ලංකා නිදහස් පක්යෙත් නායකයන් සහ යහපාලන රජය ගලවා ගැනීම සඳහා උපදෙස් දෙන සියලූම විද්වද් උපදේශකයනුත් එක්ව මෙම කුමන්ත්රණකාරී වැඩපිළිවල සකස් කර ඇති බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උප නායක කමින් ඉවත් කිරීමට කටයුතු කිරීම එම සැළැස්මේ පළමු පියවර බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩේ අප්පා... මෙයාට දැන් දිවැස් පහල වෙලානේ.. නියමයි.. දිවැසින් බලා පොහොට්ටුවේ ව්‍යවස්ථාව හැදෙන්නේ කවදාද? පක්ෂ බල මණ්ඩලය හැදෙන්නේ කවදාද? දේශපාලන බල මණ්ඩලයක් හැදෙන්නේ කවදාද? දිස්ත්‍රික් සංවිධායකයෝ සහ ආසන සංවිධායකයෝ පත්වෙන්නේ කවදාද? මන්ත්‍රීතුමා සහ ඔබතුමා ඇතුළු පරිවාර පිරිස සාමාජිකත්වය ගන්නේ කවදාද කියලා දෙසා වදාරන්නත් බැරිද ගුරුතුමෝ?
ජාත්‍යන්තරද ? ලෝකල් කුමන්ත්රනයක්ද සෑර්?
බන්දුල මහත්මයෝ මේක අද තියෙන චන්ද්‍රග්‍රහණය හා සම්බන්ධයක් තියෙනවද?
දේසපාලනයට එන්න පෙර ආර්ථික විද්‍යාව ඉගැන්නූ ඇමැතිකාලේ රුපියල් 2500 කින් තිදෙනෙකු සිටින පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු ඇදුරුතුමා නේද මේ...?
මේ වගේ චරිත ඉන්න පක්ෂෙකට පාවෙන ඡන්ද හම්බ නොවෙන එක පුදුමයක් නෙමෙයි. මෝඩ බයියෝ රැවටුණාට අපි නම් රැවටෙයි 2500ට...
මේ පක්ෂයේම පේන පණ්ඩිත කතා කියනවා. හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ ගොන්නු කියලයි.
විමල් මේ දවස්වල නිවාඩු ගිහිල්ලා වගෙයි. ඔහුගේ අර කුමන්ත්‍රණ කතා පිලිබඳ රාජකාරියේ මේ මහත්තයා වැඩ බලනවා වගෙයි පෙනෙන්නේ. කෝකටත් ඒක හොඳයි . මොකද කියනවා නම් ළඟදීම විමලෙට ලොකු ගෙදරක දොර ජනෙල්වල කූරුයි, වහලේ උලුයි ගනින්න පත්වීමක් ලැබෙන්න යනවාය කියා විශ්වාසයක් තියෙනවා. එතකොට අර කුමන්ත්‍රණ නිබන්ධන රාජකාරියේ වැඩ බැලීම් ස්ථිර කරගෙන ගජරාමෙට වැඩ කරන්න ඉතුරු වෙන්නේ මේ මහත්තයා නිසා දැන්ම සිටම මෙසේ පුරුදු පුහුණු වීම හොඳයි .
2015 ජනාධිපතිවරණයට පෙර ගාල්ලේ සුමනදාස කෙන්දරකාරයාවත් මෙහෙම අනාවැකි වැමරුවේ නැහැ ! හප්පෝ බන්දුලගේ මොළේ... කාටද මේපාර මෙයා කඩේ යන්න මල්ල උස්සා ගත්තේ ?
ආර්ථික විද්‍යානුකුලව අංජනම් එළිබැලිම කරනු ලැබේ.
ඕනේ තුමාලගේ පක්ෂය බලයට ඇස පසු අපිට ජීවන බර අඩු වෙයි නේද. හොරු ටික අල්ලයි නේද. රට පිරිසිදු කරලා මහින්ද මහ්තයා රජ කරන පනතක් ගීමු.
ප්‍රතිචාර බැලුවම ලංකාවේ ජනතාව කොයිබටද කියල හිතා ගන්න පුලුහන්.
ඔබතුමා මොන පක්ෂේද මට හරියට මතක නැහැ. මහජන පක්ෂේ හිටිය වගෙත් මතකයි. එජාපයේ හිටිය වගෙත් මතකයි. නිදහස් පක්ෂේ හිටිය වගෙත් මතකයි. පොදුජන පක්ෂේ හිටිය වගෙත් මතකයි. මොකේද හැබෑටම ?