(ඩයනා උදයංගනී)
ස්වාධීන රූපවාහිනියේ නොමිලයේ දැන්වීම් පළකරවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට බරපතල වංචා දුෂණ කොමිසමේ වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති බව කී මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමක් සිදුවිය යුතු බව ද කීවේය.
රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ වෙනත් දේශපාලනඥයකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩ තබන්නේ නැතැයිද ඒ මහතා පැවසීය. ප්‍රජා අයිතිය අහෝසි කිරීම ජේ.ආර් ජයවර්ධන මහතාගේ ප්‍රතිපත්තිය මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බව කී ඩිලාන් පෙරේරා මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හේතුවෙන් බැට කෑ පක්ෂයක් වන ශ්‍රීලනිපයට එවැනි ක්‍රියාවලට දායක විය නොහැකි බව ද සඳහන් කළේය.
එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයාව සිටින තුරු ශ්රීලනිපය එවැනි ක්‍රියාවලට දායක නොවන බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ කියන්නේ.
කෙනෙක් වැරදි කරුද නිවැරදි කරුද කියා තීන්දු කිරීමත්, වැරදි කරුනම් දියයුතු දඬුවම තීරණය කිරීමත් උසාවිය සතු රාජකාරියක් වුනත් එය දේශපාලුවන්ගේ රාජකාරියක් බවට පත් කරගෙන සිටි අවධිය අවසන් කියලයි අපි හිතාගෙන හිටියේ. බලාගෙන ගියහම ඒවගේ කාලයක් තමයි ඕනෑ කියන පිරිසක් තවම ඉන්නවා.
අම්මේ දැකපු කල්, කොහෙද ගියේ.
කොමිසම් වාර්තාවේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනා කර ඇත්නම් එය ක්‍රියාත්මක කරන්න... නිදහස් පක්ෂය නීතියට, සදාචාරයට යටත් වෙන්න
මේ ඔක්කොම ඡන්ද රංගන
ලි ඔයවගේ වැරදි නොවෙන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රජා අයිතිය නැති කල යුතුමය. මොකද එතකොට තමා දැන් ඉන්න නායකයෝ වගේම අනාගතයේ එන නායකයොත් වැරදි නොකර ඉන්නෙ. කොමිසම එහෙම නිර්දේශයක් කරලා තිබෙනවා නම් ඒක ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම
ඕනෑම දේශපාලුවෙකුටම ජනතා මුදල්, දේපල හොරකම් කල හැක. නමුත් දඩුවම් දුන්නොත් බලාගෙනයි. ඒක ජාතිවාදී ,ආගම පාවාදීමකි
මේ වගේ තීරණයක් අධිකරණය දෙනවා මිසක් මන්ත්‍රීන්ට බලය නැහැ. නිකම් මොර දෙනවා ලකුණු දා ගන්න.
ඉඩ දෙන්නේ නැහැ? ඔය මහත්තය මොනවා කරන්නද?
ඩිලාන් කතා කරන්නේ ලොක්කගේ ඕනෑ එපාකම් නොදැන
හරියට බැලුවොත් එකට හිටපු හැමෝගෙම ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කටයුතු කරන්න ඕනා
මෙන්න නියම කෙලෙහි ගුණ දත් මිනිස්සු!
රූපවාහිනියේ දැන්වීමක් ප්‍රචාරය කලාම රටේ ආර්ථිකය කඩා වැටෙනවාද, පොලී අනුපාතය ඉහල යනවාද, විදේශීය සුරැකුම්පත් ආපසු අරගෙන ඩොලරයේ අගය ඉහල ගියාද, නැත. මේ කිසිවක් සිදුවුනේ නැත.. සිදු වුනේ දෙමල ත්‍රස්තවාදයෙන් රට බේරා දුන් පුද්ගලයා නැවත බලයට පත්කිරීමට කල ඉල්ලීමකි.