රංජන් කස්තුරි
තැපැල් ඡන්දය ඉල්ලුම් කර ඡන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් නිදහසට කරුණ විමසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
තැපැල් ඡන්දය ඉල්ලීම නිසා එවැනි ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 750 ක පමණ වියදමක් දැරීමට සිඳුවන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ අද (1) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
තැපැල් ඡන්ද ප්‍රකාශ නොකළ ඡන්දදායකයින්ට ඊට හේතු දක්වා ලිඛිතව මැතිවරණ කොමිෂමට කරුණු ඉදිරිපත් කිරීමට සිඳුවන බවද පිළිගත හැකි හේතුවක් නොමැතිව තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ පිරිසකට එරෙහිව පියවර ගන්නා බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපැල් ඡන්දය ඉල්ලනකොට ඉල්ලපු අයගේ නම් නොදැන හිටියත් තැපැල් ඡන්දය දැමීමේදී නම් ලැයිස්තුව අනුව ඡන්දය දෙන්න සුදුසු කෙනෙක් නැත්නම් ඡන්දය නොදීමේ අයිතිය ඡන්ද දායකයාට අහිමිද?
ඡන්දය නොදුන්නේ ඔක්කොම හොරු නිසාවෙනි.
මෙය ඉතාමත්ම සාධනීය පියවරක් බව පෙනෙනවා. ඔස්ට්‍රේලියාව වැනි ඇතැම් දියණු රටවල ඡන්දය ප්‍රකාශ නොකළ සැමගෙන්ම හේතු විමසන බව මා අසා තිබෙනවා. ඒ රටවල තැපැල් ඡන්දදායකයෙකු වශයෙන් නොව සාමාන්‍ය පුරවැසියෙකු වශයෙන්ද ඡන්දය ප්‍රකාශ නොකිරීම වරදක් බවයි කියවෙන්නේ. අපේ රටේ ඡන්දදායකයින් වැඩි දෙනෙකු දන්නේ නැහැ සෑම වසරකම ජුනි 01 දාට පසු සිදු කෙරෙන ඡන්ද නාම ලේඛන සංශෝධනයේ පටන් ඡන්දයක් පවත්වා ප්‍රතිඵල ප්‍රකාශකර එම කටයුත්ත නිම කරන තෙක් එක ඡන්ද දායකයෙකු වෙනුවෙන් , මැතිවරණ දෙපාර්තමේන්තුව තුලින්, කොපමණ මුදලක් රජය වැය කරනවාද කියා. එමනිසා තැපැල් ඡන්දදායකයා මෙන්ම සාමාන්‍ය පුරවැසියත් තම ඡන්දය පාවිච්චි කිරීමේ වගකීමෙන් බැඳී සිටියි. එවැනි වගවීමකින් බැඳී සිටින ඡන්දදායකයාගේ ඡන්දය ප්‍රකාශ කිරීමට , මෙයට පෙර අවස්ථාවලදී නොයෙක් ක්‍රම උපයෝගී කරගෙන සිදුකලාක් මෙන් අවහිර කිරීම , වලක්වාලීම බරපතල වරදකි.
ඔය පරීක්ෂණ තියන්න කොහොමත් 750 ට වඩා යනවා මුදල් නාස්ති නොකර ඉමු.
මෙය ඉතාම වැදගත් පියවරක්. මෙහිදී රජයට වන වියදමට අමතරව ඒවා භාරව සිටින නිලධාරීන් දින ගණනක් රස්තියාදු වෙනවා. ඒ නිසා එම නිලධාරීන්ට නියමිත රාජකාරිත් ප්‍රමාද වෙනවා තැපැල් ඡන්දය අයදුම් කර ප්‍රකාශ නොකරන්නේ නම් එය රජයේ මුදල් අවභාවිතා කිරීමකුත් වෙනවා. දෙන්න කෙනෙක් නැත්නම් අවලංගු කිරීම හෝ කලයුතුයි
පෙර සිටි ඡන්ද කොමසාරිස් කෙනෙක් ප්‍රසිද්ධියේ කියා සිටියා ඔහු කිසිම දිනක ඡන්දය පාවිච්චි කර නැති බව. මේ නීතිය ඔහු නොදැන වෙන්න පුලුවන්ද? නමුත් ප්රජාතන්ත්රවාදී අයිතියක් ලෙස ඡන්දය ඉල්ලන්නේ දූෂිතයින්නම් ඔවුන්ට ඡන්දය නොදී සිටීමේ පරම අයිතියක් තිබෙනවා කියන එකයි ඇත්ත. මෙවැනි ඡන්ද මහජනයා ඉල්ලන ඒවා නොවේ. ඒ වාගේම අපේක්ෂකයින් ප්‍රමාණය අති මහත් ලෙස වැඩිකිරීමම අපරාධයක්.
"රජයේ සේවකයා" ඔබ ඉතාමත් නිවරදියි. ඊට ගරු සභාපතිතුමා පිළිතුරු දෙයි කියලා හිතෙනවා. ඡන්ද නම් ලැයිස්තු සකස්කරලා, තැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍ර කැඳවීම් කළා නම් මේ තීරණය හරි කියලා මට හිතෙනවා. මීට, ව්‍යවස්ථාව සංශෝධනය කර කාලපරාසයන් වෙනස් වූවානම් එවැනි ගැටළුවක් අතිනොවේ යැයි මගේ හැඟීමයි. මම නම් මෙවර ඡන්දය ලකුණු කිරීමට යන්නේ නෑ. ඡන්දය අවලංගු කිරීමට හරි ගියොත්, ඒවා තේරීමට ගණන් කිරීමට ලයිස්ස්තු ගතකිරීමට අතිකාල ගෙවීමට සිදුවීම වැලක්වීමට නම් ඡන්දය දීමට නොයා යුතුයි. එයද මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉතිරියක්... තැපැල් ඡන්දය නොදුන් අයගෙන් නිදහසට කරුණු සෙවීම, ඊට දක්වන හේතුසාධක පිළබඳව තීන්දු තීරණවලට අතිකාල ගෙවීම් ගමන් වියදම් උපවේෂණ දීමනා ගරු සභාපතිතුමාගේ පුද්ගලික ධනය වැය කරන්නේ නම් කිසිවෙකුටත් ගැටළුවක් නොවේ.
සෙන්සා මේ මොනවාද කියන්නේ රජයේ නිලධාරීන් තැපැල් ඡන්දය අයදුම්කර ගන්න ඕන හිටපු කොමසාරිස් කිසි දිනක තැපැල් ඡන්දය අයදුම් කරන්න නැහැ. ඉතින් එතුමාට තැපැල් ඡන්දය නැහැ. ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය නොදී සිටියට තැපැල් ඡන්දය අයදුම් කර නොදී සිටීම වරදක්