ඉන්දිකා රාමනායක
2008-2009 වසර වලදී තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
එම පිරිස අතරින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින නාවික ලූතිනන් හෙට්ටිආරච්චි මුදියංසේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
1977.02.09 උපත ලබා ඇති සැකකරු අංක 54/1 වැල්ලවත්ත, වැල්ලම්පිටිය යන ලිපිනයේ පදිංචි සැකකරු දැනට අධිකරණය මඟහරිමින් සැගව සිටින බව පොලිස් මුලස්ථානය කියයි.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ - 011-2422176
අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ - 011-2320141- 145
සමුහ මංකොල්ල අංශ - 011-2393621 යන වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කොත් කියන්න එයාගේ පොටෝ එකෙක් පල කරන්න කියලා. සමහර විට අපි පාරේ, කඩේක, තැබෑරුමක, ඉස්පිරිතාලෙක දකිනවා ඇති... හඳුනාගන්න බැරිනිසා කොහොමද අත්අඩංගුවට ගන්න සහාය වෙන්නේ. මේක නිකන් කට්ට කරුවලේ තිබෙන පාට බෝල ගොඩකින් කළු බෝල ගන්න කියනවා වගේ වැඩක්නේ.
මෙන්න රණවිරුවන් දඩයම් කරනවෝ!
මිලානෝ වල පොඩ්ඩක් ඇවිදලා බලන්නම් ඉන්නවද කියලා.
මේ අපරාද කරයා නිසා අහිංසක නාවිකහමුදා නිලදාරීන් රිමාන්ඩ් ගත උනා මෙයා හමුදාවෙන් පැන්නේ හුඟක් ඉස්සර.
ඔන්න පොටෝඑක දාලා. අඬන්න ඕනෙලු කිරි එරෙන්න...
අපේ ජනාධිපති මේ රණවිරුවන් අල්ලන්න එපා කියලා තියෙද්දිත් මේ බෝපාල වගේ අහිංසකයින් අල්ලන්ට උදව් කරන්න කියලා ඉල්ලන්නේ අපායේ යන්න හිතිලද? ජනාධිපතිතුමාට කේන්ති යයි ඔන්න.
දැනටමත් රටින් පැනලද කවුද දන්නේ? ඒ තරමටම අපේ රටේ නීතිය සහ දේශපාලන ක්‍රියාවලිය දියුණුයිනේ. මේ කියන්නේ මේ ආණ්ඩුවට පමණක් නොවෙයි. කොයි පාලන ආණ්ඩුවත් එකයි. හරියට කටින් බතල සිටවන්නා වැනිය. කියන්නේ එකක් කරන්නේ එකක්. දේශපාලන බලය යොදා මේ රටවල එම්බසි වලින් වීසා අරන්දී කළු කල වීදුරු ප්‍රභූ වාහන වලින් ආරක්ෂාව ඇතුව ගුවන් තොටුපලින් ගුවන් යානයටම ඇරලවන විදිහේ බලය ඇති අය සිටිද්දී කවර කතාද? මෙම රටවලට විත් සුළු කලක් යාමෙන් ඔය බීපු වෙලාවලදී කරපු වීර ක්‍රියා කියයි තම කවුද කියා පුරාජේරුවට... මෙවැනි අය පිට කල පසු බොරුවට වරෙන්තු දමා රටට පෙනෙන සේ සොයයි. මෙවැනි අපරාධ කළවුන් මෙම රටවල කොපමණ යහතින් වැජඹේද? හමුවී ඇතත් මේ රටවලදී එවන් අයගෙන් සාමාන්‍යයෙන් ඇවිත් සිටින අය දුරස්වී තමන්ගේ පාඩුවේ කාලය ගෙවති. සත්‍යවාදී නීතියක් නම් මාධ්‍ය මගින් හෝ වෙන යම් විදිහකින් රටට දැන්වීමට පෙර ගුවන් තොටුපළවලට ඡායාරූප සමග විස්තර දන්වා ආරක්ෂාව තර කලයුතුය. මෙය හරියට අශ්වයා ගියපසු ඉස්තාලය වැසීමක් වැනිය. රටේ නීතිය රජයන සාමයෙන්, සතුටෙන් සහජීවනයෙන් පිරි අනාගතයකට ප්‍රර්ථනා...
නෙවි සම්පත්ව රට යවලා දැන් බොරුවට හොයනවා .