හේමලතා ඩි හේවගේ
සිංග්ගක්කුලිය ප‍්‍රදේශයේ නිවෙසක් අද (01) වැටලීමෙන් එහි තිබූ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිණා හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් එකසිය විසිපහක් සමඟ සැකකරුවන් 04 ක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි.
පන්නල ප‍්‍රදේශයේ සිට යතුරුපැදිවලින් රැගෙනවිත් ඇති මෙම මත්කුඩු තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දංකොටුවල සිංග්ගක්කුලිය යන ප‍්‍රදේශවල පදිංච් පුද්ගලයන් බවත් ඔවුන් මත්කුඩු බීමට ඇබ්බැහී වූ පුද්ගලයන් බවත් පොලීසිය පවසයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දංකොටුව පොලීසිය පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඬුවම් ඕනේ පාලනය කරන්න මේවා.
රටම දන්නවනේ ඕවා කරන්න තමයි කට්ටිය එන්නේ