අමල් වික්‍රමරත්න
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ජාතික හැඳුනුම්පත් මුදලට ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (01) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතිබවත් දැනට වාර්තාවන අන්දමට එසේ නිල ඡන්ද කාඩ්පත් ලබාගන්නා පුද්ගලයන්ගේ පක්ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනු ඇතැයි සිතන පුද්ගලයන්ගෙන් ඡන්ද කාඩ්පත් සහ හැදුනුම්පත් මුදල් දී ලබාගැනීම් මේ වන විට වාර්තා වී ඇතැයි පැවසීය.
මෙහිදී යම් පක්ෂයකට හෝ කණ්ඩායමකට ඡන්දය ලබාදීමට තිබු අවස්ථාවකට අයුතු බලපෑමක් එල්ල කිරීමක් බවත් මෙවැනි ජාවාරමක් සම්බන්ධයෙන් වරදකරුවන් වන්නෙකුට දැඩි දඬුවම් හිමිවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙටක් නොමැති අපේ මිනිස්සු අද අතට මුදල් ලැබෙනවා නම් ඕනෑම දෙයක් විකුණයි.
හොර ඡන්ද දැමීමට මෙයට වඩා හොඳ ක්‍රමය නම් තාවකාලික හැදුනුම්පත කියල කියන්න පුළුවන්. මම දවසක් රජයේ ආයතනයකට මුරකරුවන් ගන්න සම්මුඛ පරීක්ෂණයක හිටිය එක පුද්ගලයෙක් වෙනත් දිස්ත්‍රික්කයකින් පෙර සතියේ ගත් හැදුනුම්පතකුත් පරීක්ෂණය පැවති දිස්ත්‍රිකයේ වසර 10 ක පදිංචි සහතිකයකුත් ඉදිරිපත් කලා. එවැනි පුද්ගලයන්ට තාවකාලික හැදුනුම්පත් ලැබෙනවනේ
අපට හිතා ගන්න පුළුවන් කවුද මේවා පිටුපස ඉන්නේ කියලා
නිශ්චිතවම මෙය පොහොට්ටු කල්ලියේ ක්‍රියාවක් විය යුතුයි
නාගරිකව හුගක් නිවෙස්වල ඡන්ද පත්‍රිකා බාරගැනීමට නිවෙස්වල කවුරුත් නැහැ. හේතුව සියලු දෙනා රැකියාවලට ගොස් සිටින බැවින්. මේ නිසා පැරණි ක්‍රමවේදය වෙනස් විය යුතුයි.
ඡන්ද පත්‍රිකා එකකට කොපමණ මුදලක් ලැබෙනවද