ජනපති දියණියගේ අත්සන හොරට ගැසූ ව්‍යාපාරිකයාත් මවත් රිමාන්ඩ් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වු චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන සහ නිලය භාවිතා කරමින් සහනයක් ඉල්ලා බැංකුවට ලිපියක් යොමුකර කූට ලේඛන සකස් කළැයි 17 November 2017
නරක් වු ලූනු පැටවු කන්ටේනර් - ලොරි දෙකක් පොලිස් බාරයට විදේශ රටකින් ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින ලොකු ලුනු කන්ටේනර්යක් ගලේවෙල බුලනවැව දී තවත් ලොරියකට පටවමින් සිටියදී කන්ටේනරය සහ එම ලොරි රථය පොලිස් බාරයට ගත් බව ගලේවෙල පොලීසිය කියයි. 17 November 2017
වෘත්තීය සමිති එකමුතුව තෙල් කමිටුවේ වාර්තාව ප්‍රතික්ෂේප කරති තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් එම නිර්දේශ මත තෙල් අර්බුදයකට විසදුම් නොලැබෙන බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා අද (17) පැවසීය. 17 November 2017
විදෙස් ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ලබන අප්‍රේල් විදෙස් ගත ශ්‍රමිකයන් වෙනුවෙන් සකස් කරන විශ්‍රාම වැටුප ලබන වසරේ අපේ‍්‍රල් මාසය වනවිට ලබාදිය හැකි වෙතැයි අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය. 17 November 2017
‘උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරිමට විරෝධය’ දකුණේ ඉදගෙන අපිට සංහිදියාව ගැන උගන්වන ඒ ගැන උස් හඩින් බෙරිහන් දෙන පාලකයන් උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරීම පිළිබඳව වචනයක් කථා කරන්නේ නැති බවත් 17 November 2017
පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27වැනිදා පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 17 November 2017
ග්ලයිපොසේට් තොගයක් අත්අඩංගුවට අර්තාපල් ගෙන්වන බවට රේගුවට ප්‍රකාශ කොට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ග්ලයිපොසෙට් රසායනික කුඩු කිලෝ 656ක් රේගු මධ්‍යම භාණ්ඩ නිෂ්කාශන අංශය විසින් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අද(17) අත්අඩංගුවට ගනු ලැබීය. 17 November 2017
‘ගවුමේ වාටිය ලිහන්න කියු ගුරුවරියගේ සිද්ධිය සමත මණ්ඩලයට යොමු කිරිමට විරෝධය’ මදුරන්කුලිය පාසලකට බලහත්කාරයෙන් කඩා වැදී ගුරුවරියකට බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු පොලිස් ඇප මත මුදා හැර එම සිද්ධිය සමත මණ්ඩලයට යොමු කිරීමට පුත්තලම පොලීසිය ගත් ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරන බවත් 17 November 2017
කොළඹ හිටපු නාගරික මන්ත්‍රීට දඩ 2010 - 2015 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ වසර 6කට අදාළව නීති බලධාරියාට ඉදිරිපත් නොකළැයි වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන මහතාට රුපියල් 6000ක් දඩයක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළේය. 17 November 2017
සාපෙළ සිසුන්ට හැඳුනුම්පත්දීමට එක්දින සේවාවක් මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් කඩිනමින් ලබා දීම සඳහා ලබන 25 වැනිදා විශේෂ එක්දින සේවාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී ගුණතිලක මහතා ලංකාදීපයට පැවසීය. 17 November 2017
පිලිපින් ජාතිකයා අද යළි තායිලන්තයට දින තුනක් තිස්සේ කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා ගත නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි පිලිපීන ජාතිකයක් (34) පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. 17 November 2017
ගෝඨාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. 17 November 2017
ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(17) නියෝග කළාය. 17 November 2017
ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවර මේ මස 26 වැනිදාට කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනය හා 27 වැනිදාට උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම් සංවිධානය කර ඇති හෙයින් නීතියට විරුද්ධව තහනම් සංවිධානයක් හෝ ත්‍රස්ත නායකයෙක් සැමරීමට යමෙක් ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගැනීමට සූදානම් වෙයි. 17 November 2017
උතුරේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි උතුරේ ස්ථාන කිහිපයකදී සැමරෙන මහවිරු දිනයන් හා යාපනයේ පසුගිය දිනවල තියුණු ආයුධ වලින් පහරදීම් හා සමාජ විරෝධී ක්‍රියා වාර්තාවීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව උතුරේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා නියෝග කොට ඇත. 17 November 2017
ආවා කල්ලියේ හයදෙනෙකු අත්අඩංගුවට යාපනයේ සිදුකර ඇති පහරදීම් සහ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ ආවා කල්ලියේ බව කියන හයදෙනෙකු අද (16) අත්අඩංගුවට ගෙන ඇතැයි උතුරේ උසස් පොලිස් නිලදාරියෙක් පවසයි. 16 November 2017
මාවා සමඟ පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් දෙදෙනකු මාවා නැමැති තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටියදි අද (16) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. 16 November 2017
නිධන් සෙවූ 10කට ලක්ෂ 11ක් දඩ හබරණ තූම්බිකුලම පුරාවිද්‍යා රක්ෂිතයට නීති විරෝධී ලෙස ඇතුළු වී නිධන් සෙවීම සහ පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීමේ චෝදනා වලට වරද පිළිගත් විත්තිකරුවන් 10 දෙනෙකුට රුපියල් 1,10 000 බැගින් දඩ නියම කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය. 16 November 2017
මංගල නිවැරදි බව ඇමැති අමුණුගම කියයි අයවැයේ දී මුදල් ඇමතිවරයා ක්‍රියා කොට තිබුණේ මධ්‍යසාර පිළිබඳ ලෝක සම්මත ක්‍රමයක් අනුව වන බැවින් එය කිසිසේත්ම වැරදි නැතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. 16 November 2017
අයවැය දෙවැනිවර කියැවීම සම්මතයි අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 93කින් සම්මත විය.ඊට පක්ෂව ඡන්ද 151ක් හා විපක්ෂව ඡන්ද 58ක් ලැබිණි. 16 November 2017
සංඥා දෝෂයක් නිසා දුම්රිය ප්‍රමාදයි සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් ආරම්භ වන සියලු දුම්රියන් ප්‍රමාධ වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය කියයි. 16 November 2017
දුම්රිය ආපදා රථයත් ආපදාවට උතුරු දුම්රිය මාර්ගයේ පරසන්ගස්වැව හා මැදවච්චිය අතර පීලි පැනීමට ලක්වූ රජරට රැජින දුම්රිය මැදිර පීලිගත කිරීම සඳහා කොළඹ සිට ගිය දුම්රිය ආපදා රථය අද(15) කාර්මික දෝෂයට ලක්වී ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි. 16 November 2017
‘බලයට එන්න සිම්බාබ්වේ විපක්ෂයේ සූදානමක්‘ ජනාධිපති රොබට් මුගාබේ මහතා තවමත් නිවාස අඩස්සියේ බවත් ඔහුගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් වාර්තා වෙයි. 16 November 2017
සුකී නිහඬ නැති බව කියයි රොහින්ග්‍යා අර්බුදයේදී තමන් නිහඬව නොසිටි බව එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් මියන්මාරයේ නායිකා අවුන් සාන් සූකී ප්‍රකාශ කරයි. 16 November 2017
පුංචි ඡන්දය ගැන කොමිසමෙන් තීරණයක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (17) රැස්වී තීන්දුවක් ගනු ඇතැයි මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා කීය. 16 November 2017
පුතුට පහරදුන් පියා රිමාන්ඩ් මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පුතුට පහරදී යකඩ හැන්දකින් රත්කර පිළිස්සීමේ චෝදනාවට සැකකාර පියා හෙට(17) තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියම කළාය. කොපිවත්තේ පදිංචි සිව්දරු පියකු වන මොහොමඩ් යදුර්දීන් (66) එසේ රිමාන්ඩ් කෙරිණි. 16 November 2017
වැටුප් ප්රශ්නය විසඳන්නැයි කළු පටි බඳිති සේවකයන්ගේ වැටුප් ප්රශ්නය විසඳීමට ක්‍රියාකරන්නැයි ඉල්ලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයෝ අද (16) කළු පටි බැඳ සංකේත විරෝධතාවක් පැවැත්වූහ. 16 November 2017
අගමැති සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්කි ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා(20) බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබ ඇත. 16 November 2017
‘සීමා නිර්ණයේ සියයට 95ක් වෙනස් වෙලා නෑ‘ කළින් රජය සිදුකර තිබු පළාත් පාලන බලප්‍රදේශ පිළිබඳ සීමා නිර්ණ කටයුතු වත්මන් රජය නැවත සිදු කළත් කලින් කර තිබු සිමා නිර්ණ සියයට අනූ පහක්ම වෙනස් වූයේ නැතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. 16 November 2017
ක්ෂණික මිලදී ගැනීම් ක්‍රමය නතර කරන ලෙස ඇමැති අනු කමිටුවෙන් යෝජනා රාජ්‍ය ආයතන මගින් සිදුකරන ක්ෂණික මිලදී ගැනීම් ක්‍රමය නතර කරන ලෙස පසුගියදා ඇතිවූ තෙල් අර්බුදය පිළිබඳ සොයා බැලීමේ අමාත්‍ය අනු කමිටුව රජයට යෝජනා කර ඇත. 16 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026