සයිටම් සිසුන් ගැන අන්තරෙන් ජනපතිට - අගමැතිට ලිපියක් සයිටම් ආයතනය සම්පූර්ණයෙන්ම අහෝසි කර අලුතින් ඇරඹීමට නියමිත වයඹ, සබරගමුව හෝ මොරටුව යන වෛද්‍ය පීඨවලට සුදුසුකම් සහිත සයිටම් සිසුන් අනුයුක්ත කරන්නැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය රජයට යෝජනා කර ඇත. 20 November 2017
මල්ආරෙන් දඩයක්කරුවන් තිදෙනෙක් අත්අඩංගුවට හම්බන්තොට යෝජිත වල් අලි කලමනාකරණ රක්ෂිතයේ කෑලිගම මල්ආර ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරිමේ නිරතව සිටි දඩයක්කරුවන් තුන්දෙනෙක් ගිනි අවියක් සමඟ අද (20) අලුයම හම්බන්තොට වනජීවී කාර්යාලයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 November 2017
වනජීවී කාර්යාලයට පැන්න කල්ලියෙන් අයෙක් අත්අඩංගුවට වැලිකන්ද වනජීවී බීට්ටු කාර්යාලයට කඩා වැදී එහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබු මුව මස් සහ වල් ඌරු මස් තොගයක් ගබඩා කොට තිබූ අධි ශීතකරණයක් බලහත්කාරයෙන් රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයෝ කණ්ඩායමකින් එක් අයකු සහ ඔවුන් පැමිණි නවීන පන්නයේ කැබ් රථයක් අත්අඩංගුවටට ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු කියති. 20 November 2017
අ’පුර බස් - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට පාසල් සිසුන් රැගෙන යමින් තිබු පුද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් A-9 මාර්ගයේ මැදවච්චිය සංගිලි කනදරාව ආසන්නයේ අද (20) එකිනෙක ගැටීමෙන් යතුරැපැදිකරු (48) මියගිය බව පොලිසිය කියයි. 20 November 2017
හීන්දෙණිය දුම්රියේ හරස් මඟදී තුනක් මරුට වේයන්ගොඩ හීන්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී අද (20) කාර් රථයක් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු ඉන්ධන දුම්රියක ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 20 November 2017
අගමැති බැඳුම්කර කොමිසමට එයි ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. 20 November 2017
වවුනියාවේ කඩපෙළක ගින්නක් වව්නියාව ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පිහිටි වෙළඳසල් කිහිපයක අද (20) අළුයම ඇති වූ හදීසි ගිනි ගැනීමක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් වෙළඳසල් දෙකකට හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි. 20 November 2017
මූන්දලමේ අභිරහස් මරණය ගැන පරීක්ෂණයක් අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය කියයි. 20 November 2017
පෙට්‍රල් හිඟයක් නෑ පෙට්‍රල් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා හේතුවෙන් අද (19) පස්වරුවේ සිට කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් දක්නට ලැබේ. 19 November 2017
මුගාබේ පක්ෂ නායකත්වයෙන් නෙරපයි සිම්බාබ්වේ පාලක පක්ෂය රොබට් මුගාබේ එම පක්ෂ නායකත්වයෙන් ඉවත් කර තිබෙන අතර ඔහුට ජනාධිපතිධුරයෙන් ඉවත් වීම සඳහා පැය 24 ක කාලයක් ලබා දී තිබේ. එසේ නොවූවහොත් 93 වැනි වියේ පසුවන සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ද එම පක්ෂය තීරණය කර ඇත. 19 November 2017
වෛද්‍ය පීඨවල පංති වර්ජනය අවසන් රජයේ වෛද්‍ය පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පංති වර්ජනය අවසන් කොට හෙට සිට දේශනවලට සහභාගී වන බව වෛද්‍ය පීඨ ශිෂය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා අද (19) පැවසීය. 19 November 2017
බොරු පතුරුවන්නන් ගැන රහස් පොලීසියෙන් සොයයි ගිංතොට සිද්ධිය පාදක කර ගනිමින් ජාතින් අතර අසමගිය වර්ධනය වන ආකාරයේ අදහස් සමාජ ජලා හරහා පතුරුවන්නන් ගැන සොයා බලා නිතීමය පියවර ගැනිමට අපරධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාරදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් අද (19) ලංකාදීපයට පැවසීය. 19 November 2017
කේරල ගංජා තොගයක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 36 ක් සමඟ තරුණයින් දෙදෙනෙකු යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී අද (19) අත්අඩංගුවට ගත් බව කොඩිකාමම් පොලීසිය පවසයි. 19 November 2017
ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි - පා.ම. ධර්මලිංගම් රටම පිළිගෙන ඇති ජාතික ධජයට ගෞරව කිරීම හා පිළිගැනීම සියලු දෙනාගේම වගකීමක් හා යුතුකමක් වුවත් ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා අද (19) පැවසීය. 19 November 2017
පරිපූරක වෛද්‍ය සේවකයෝ වර්ජනයකට සැරසෙති වැටුප් වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සහකාර වෛද්‍යවරු , හෙද නිළධාරීන් , පරිපූරක සේවා සහ අතුරු වෛද්‍ය සේවා නිළධාරීන් 22 වන බදාදා සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. 19 November 2017
හමුදාවේ 176ක්: පොලිසියේ 428ක්: ගිංතොට රැකවල් කරති ගිංතොට ඇතිවූ කලබලකාරී තත්ත්වය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බවත් තවදුරටත් එවැනි අවාසනාවන්ත සිද්ධියක් වීම වැළැක්වීම සඳහා දෙපාර්ශවය සමග සාකච්ඡා කර එකඟතාවයට එළැඹී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසයි. 19 November 2017
මුගාබේ බලයෙන් පහකරන්න පක්ෂය සැරසෙයි සිම්බාබ්වේ හි පාලක පක්ෂය වන සිම්බාබ්වේ අපි‍්‍රකා ජාතික සංගමය - දේශහිතෛශී පෙරමුණ අද (19) පවත්වනු ලබන විශේෂ හමුවකින් පසු එම පක්ෂයේ නායක, වර්තමාන සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ, පක්ෂ නායකත්වයෙන් පහ කෙරෙනු ඇතැයි එරට ආරංචි කියයි. 19 November 2017
කුරුලු හොරකමේ ගිය සොර මුලක් අත් අඩංගුවට පෞද්ගලික කුරුළු උයන් වල හා නිවාස වල ඇති කරනු ලබන ඉතා වටිනා විදේශීය පක්ෂීන් සොරකම් කොට අළෙවි කිරීමේ නිරත වූ සොරමුලක් අත් අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සමත්ව තිබේ. 19 November 2017
ගිංතොට සිද්ධිය බැලීමට අගමැති යයි කලබලකාරී ලෙස හැසිරෙමින් ගැටුමක් ඇතිකර දේපලවලට හානි සිදුකළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නැයි දැනටමත් පොලිසියට දැනුම් දී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) කීවේය. 19 November 2017
තොණ්ඩමන්ගෙන් පොලිසියට බාධාවක් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රදේශීය දේශපාලනාඥවරියක අත්අඩංගුවට ගැනීම ගිය අවස්ථාවේ කම්කරු කොන්ග්රස් නායක ආරමුගම් තොන්ඩමන් මහතා ඇතුළු එහි සාමාජිකයන් ඊට විරොධය පා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 18 November 2017
ගාල්ලට යළිත් පොලිස් ඇඳිරිනීතිය නීතිය හා සාමය පවත්වාගෙන යාම පිණිස ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවන ලද බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා පැවසීය. අද පස්වරු 4.00 සිට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය හෙට උදෑසන 9.00 දක්වා බලපැවැත්වේ. 18 November 2017
මගියා කටුනායක නතර වුණේ වීසා වැරදීමකින් කටුනායක ගුවන් තොටුපොළේ දින තුනක් රැඳි සිටි 34 හැවිරිදි පිලිපීන ජාතික ගුවන් මගියාගේට එසේ නතර වීමට සිදුවූයේ ඔහුගේ වීසා සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියයි. 18 November 2017
නිලධාරියාට බැණවැදුණු විශ්‍රාමික ග්‍රාමසේවක අත්අඩංගුවට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයාට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික ග්‍රාම නිලධරිවරයෙකු 17 දින සවස අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 18 November 2017
ගාල්ලේ ගැටුමෙන් 19 ක් අත්අඩංගුවට ගාල්ලේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳව කතා පතුරවන පිරිස් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. ගාල්ල ප්‍රදේශයේ ඇඳිරි නීතිය මේ වනවිට ඉවත් කර ඇති අතර, ප්‍රදේශය සාමකාමී බවද පොලිසිය කියයි. 18 November 2017
පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති. 17 November 2017
රජරට සරසවිය ඉදිරිපිට කඩ කාමරයකින් මළ සිරුරක් රජරට විශ්ව විද්‍යාලයේ පුලියන්කුලම කෘෂිකර්ම පිඨය ඉදිරිපිට කඩ කාමරයක් තුළ මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (17) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 17 November 2017
සැමියා මැරූ බිරිඳ රිමාන්ඩ් හබරණ අරුණෝදාගම ප්‍රදේශයේදී අද (17) අලුයම පොරවකින් ගසා තම සැමියා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාව නොවැම්බර් 30 වැනි දා දක්වා රිමාන්ඩ් කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේ ය. 17 November 2017
යාපනයේ ජල ගැලිම් වලින් පුද්ගලයන් 13900 කට පිඩා යාපනය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පවුල් 3894 අයත් පුද්ගලයින් 13895 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 17 November 2017
ආවා කල්ලියේ නායකයා යළි කොටුවෙයි යාපනය කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ආවා කල්ලියේ නායකයකු බව කියන නිශා වික්ටර් නැමැත්තා අද (17) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ගිය අවස්ථාවේදී පළා ගොස් ඇත. 17 November 2017
’වංචා සිද්ධ වෙන්නේ නීතිවල සිදුරු නිසා’ - වජිර මූල්‍ය කේෂත්රයේ විශාල වංචාවන් සිදුවන්නේ යල් පැන ගිය අණපනත්වල ඇති දුර්වලතාව නිසා යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 17 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026