විනීතා එම් ගමගේ
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති කැඳවිය යුතු අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය නීත්‍යානුකූල නොවන අන්දමින් කැඳවතැයි ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය චෝදනා කරයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ඉකුත් (7) වැනිදා අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා තිබු අතර ඊට තමන් සහභාගි නොවුයේ එය නීත්‍යානුකූල නොවන බැවින් යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
මීට පෙර අවස්ථා දෙකක දී අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීමට තමා ගත් උත්සාහය ලේකම්වරිය අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට බලපෑම් කර වළක්වා තිබු බව ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කළාය.
මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කළ බව කී සභාපතිනිය අමාත්‍යංශ ලේකම්වරිය වෙත ද ලිපියක් යැවූ බව කීවාය.
කෙසේ වෙතත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මියගෙන් ලංකාදීපය කළ විමසුමක දී ඇය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියගේ චෝදනා ප්‍රතික්ෂේප කළාය.
මීට පෙර අවස්ථා කිහිපයක දීම අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වුව ද සභාපතිනිය එම රැස්වීම්වලට සහභාගි නොවු බව ද ලේකම්වරිය තව දුරටත් පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා. මෙහෙම කාන්තවන් "ඇණකොටා" ගන්නකොට දරුවන්ගේ ආරක්ෂාව ගැන කතාකිරීම ගැන සිතීමටවත් පුලුවන්ද? දැන් බැලුවම "බල අරගලය, නිලධාරිවාදය" මේ නෝනලා ගාවත් යහමින් තියෙනවා වගේ.....
තමන් කල යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? නොදන්නා මේ අය කොණ්ඩවලු පටලවා ගැනීම අරුමයක් නොවේ. නුවර පැත්තේ සිදුවූ විවාහයක මනාලියගේ සාරිපොට උස්සන්න දේශපාලකයකුගේ අණින් යවපු පාසල් ළමයි ගැන කල පරීක්ෂණයට කුමක් වුණාද?
සභාපතිනි, ඕනෑ නැත්නම් සභාව ඕනත් නැහැ. ඇමතිතුමියටයි, ලේකම් වරියටයි ඔක්කොම කරන්න පුලුවනිනේ!
ගැහැණුන් වැඩිවේ... කළගෙඩි වේලේ කියලා පැරණි කියමනක් තියනවා. ඒවගේ තමයි ගැහැණු දෙන්නෙක් එකතු වුණාම සමගියෙන් වැඩක් කරන්න ටිකක් විතර අමාරුයි.
ළමයි හම්බවෙන අම්මලාද ඔය ගහ මරාගන්න හදන්නේ?
ඇයි මේ විදිහට මේ අය හැසිරෙන්නේ? වැදගත් අය නෙමෙයිද?
ළමයින් ආරක්ෂා කරගන්න මැඩම් ලා දෙන්න පොරකනවා වෙන්නැති...
ළමයි කටයුතු නිසා වැඩේ ගණන් ගන්න එපා. ළමයින්ට අබ සරණයි.
ඔතන තියෙන්නේ ඇමැතිවරිය සභාපතිතුමියට කෙළින් වැඩකරන්න දෙන්නේ නැති අවුලක්... අලුතින් නිලධාරීන් බඳවා ගනිද්දී ඇමැති තුමියට ඕනෑ අය ගන්නේ නැහැ කියලා සභාපතිට අවුල් දානවා. ජරා දේශපාලනයක්... සභාපතිතුමිය නිවැරැදියි.
අමාත්‍යංශ ලේකම්වරයා හෝ වරාය අධිකාරියක සභාපතිට වඩා ඉහල තනතුරක් දරන්නේ එය නොදන්නා සභාපතිවරිය වහාම ඉවත්කල යුතුය
ඕනෑම ආයතනයක් පාලනයේදී, යම් තනතුරකට අයත් වගකීම් සහ එම වගකීම් ඉටු කිරීම සඳහා අත්‍යාවශ්‍ය බලය පිළිබඳව නිශ්චිත සහ නිරවුල් සැකැස්මක් අවශ්‍යයි. එය මෙම ආයතන තුල පවතින බවයි මගේ හැඟීම. නමුත් මෙහිදී දෙදෙනාගෙන් කෙනෙක් තම බලය අනිසි ලෙස භාවිතා කර ඇති බවයි පෙනෙන්නේ. විධායක සභා රැස්වීම් සභාපති කැඳවිය යුත්තේ නම්, ලේකම්වරිය සිය බලතල අනිසි ලෙස අවභාවිත කර ඇති බවයි පෙනෙන්නේ.
දප්පුල ලිවේරගේ නෝනා මහත්මිය නිසාද මෙහෙම කරන්නේ?
රවීන්ද්‍ර ගැහැණු කීපදෙනෙක් එකතු වී වැඩක් කලේ කවදාද?