ක.ග. කරුණාරත්න
පොලොන්නරුව කඳුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පල උඩුමහලේ පිහිටි වෙළඳ සංකීර්ණයෙහි පවත්වාගෙන ගිය මුද්‍රණාලයක නිල ඡන්ද පත්‍රිකා වලට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් සිටියදි එම ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගය සමඟ පුද්ගලයෙකු අද (09) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ එම මුද්‍රණාලයේ මුද්‍රණය කරමින් තිබී ඇත්තේ දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ නිල ඡන්ද පත්‍රිකා වලට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයකි.එම ඡන්ද පත්‍රිකා වල අලියා ලකුණ ඉදිරයේ කතිරය සලකුණු කර තිබූ බවද පොලීසිය සඳහන් කරයි.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි අංශයට ලැබුණු පැමිණිල්ලක් මත එහි විමර්ශණ නිලධාරීන් සමඟ පොළොන්නරුව පොලීසියේ පොලිස් කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදුකර ඇත. ව්‍යාජ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් තිබූ මුද්‍රණ යන්ත්‍රය සහ පරිගණක යන්ත්‍රයද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොළොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අායෙත් වැඩ පටන් අරන්. එජාප හැමදාම හොර ඡන්ද දාන එක ජයටම කළා. මේ සිරිසේන ජනදිපතිතුමාගේ බල ප්‍රදේශය නේද? මෙය බරපතල සිදුවීමක්... තව කොහෙන් හොරට දාලා ද දන්නේ නැහැ.
ඔන්න ඉතින් යහපාලනයේ වැඩ..
ලොක්කාට පොළොන්නරුවත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ. මොනවා හරි කරන්නත් එපැයි.