නයනජිව බන්ඩාර
බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ටි ෂර්ට් බෙදමින් සිටි බුත්තල ප්‍රාදේශිය සභාව සඳහා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයකු අද (09) ඡන්ද දායකයන්ට බෙදාදීමට රැගෙන ආ ටි ෂර්ට් 18 ක් සමඟ ගෝනගංආර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු බුත්තල නගරයේ පදිංචි ව්‍යාපාරිකයකු බව අනාවරනය වි තිබේ.
මැතිවරණ නිති උල්ලංගනය කරමින් අපේක්ෂකයකු ටි ෂර්ට් බෙදන බවට ලද තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලිම සිදුකර තිබෙන අතර ගෝනගංආර පොලිසිය මේ පිලිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන්නෙත් අර මහ කෙනා වගේම දේවල්මනේ...
හිටපු උන්නැහේ වෙනුවෙන් සිල් රෙදි බෙදුවා වගේ පොලිසියට අහු නොවෙන්න කරන්න තිබුණානේ!
මේ ගොල්ලො කවද්ද නිතී පිලිගන්නේ...? අපි නොදන්න අය...
එතකොට අර පොළොන්නරුවෙන් හමු වෙලා තියෙන හොර ඡන්ද පත්‍රිකා ගැන මොකද කියන්නේ...?
එතකොට අර පොලොන්නරුවෙන් හමුවෙලා තියෙන ඡන්ද පත්‍රිකා ගැන මොකද කියන්නේ?