(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය ප්‍රදේශයේදී ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම නගර සභාව තරග කරනු ලබන පක්ෂ හා සලකුණු මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ ඇතුලත්ව එක් පක්ෂයකට පමණක් කතිරය යොදා තිබේ.
ව්‍යාජ ඡන්ද පත්‍රිකා 143 අත් අඩංගුවට ගත් පුද්ගලයා ලග තිබී පොලිස් නිලධාරින් සොයා ගෙන ඇත. ඔහු වැඩිදුර පරීක්ෂණ කටයුතු වලට පුත්තලම පොලීසියට භාර දී තිබේ.
මෙම පුද්ගලයා (10) වැනිදා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටු කාරයෝ හොර කරලා දිනන්න හැදුවට ඒක හරියන්නේ නැහැ. අලියෝ දිනනවා.
ඇස් ඇරලා හොඳට බැලුවා නම් හොර ඡන්ද දාලා තියෙන්නේ පොහොට්ටුකාරයොද, අලියද කියලා පෙනෙයි..
චානක් ලොස් අැන්ජෙලිස් කියන පුද්ගලයාගේ ඔලුවේ අමරුවක්ද... නැත්නම් අකුරු කියවන්න බැරිද? ඒ ඡන්ද පත්‍රිකා ගහලා තියෙන්නේ යු.එන්.පී කාරයෝ. පේන්නේ නැද්ද අලියා ඉස්සරහින් කතිරය ගහලා මිනිස්සුන්ට බෙදලා තියෙන්නේ...