[මතුගම බන්දු තඹවිට]
තම ආධාර කරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම පුතණුවන්ද සමඟ අද (09) බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක් ආරම්භ කළහ.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට මෙවර එක්සත් ජනතා සන්ධානයේ ලැයිස්තුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු තම ආධාර කරුවෙකු වන එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පහර දී ඇති බවත් බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයා මේ වනතුරුත් අත් අඩංගුවට නොගැනීමට විරෝධය දක්වා තම ආධාර කරුවන් සමඟ මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.
පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් ඉන්ධන ද්‍රව්‍යයක් ද තබාගෙන සිටිමින් පොලිසිය මෙම සිද්දියට අදාල පුද්ගලයාව අත්අඩංගුවට නොගත හොත් තමා ගිනි තබා ගන්නා බවද ප්‍රකාශ කරමින් සිටී.
බුලත්සිංහල පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම සිදුවීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය වරයා තම ආධාර කරුවා සමඟ පැමිණ පොලිසියට පැමිණිල්ලක් කළ බවත් පහරදුන් බවට පවසන පුද්ගලයාව අත් අඩංගුවට ගැනීමට පොලිසිය කණ්ඩායමක් යොදවා ඇති බවත් ,ඒ අතර නියෝජ්‍ය අමාත්‍ය වරයා මෙසේ විරෝධතාවයක් ආරම්භ කර ඇති බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේසපාලන මැරයන් ඉදිරියේ පොලිසියේ නීතිය නැවෙන හැටි.
මේ වගේ අය ගිනි තියාගෙන මැරෙන ඒක රටට සෙතක්...
මේ වගේ ජාන මගින් තවත් අමනයින් ලැබෙන්න කලින් ඔය වැඩේ කරගන්න දෙන්න. එය සමාජයට කරන සේවයක් වනු ඇත.
රනිල් මහත්තයා දැන්වත් වහාම මෙයාව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකට ඇතුලත් කරන්න.
මෙයාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි?
මහජන නියෝජිතයකු යනු කවරෙක්ද යන්න පෙන්වාදීමට රටේ ඉන්න හොඳම උදාහරණය. මිනිස්සුත් එක්ක ඉන්න කොන්දක් තියෙන ජන නායකයා. ඉන්දියානු නමකින් අදහස් දමා ඇති අදහස අනුව මිනිස්සු වෙනුවෙන් ඉන්න ඇත්ත නියෝජිතයෝ ගිනිතියාගෙන පොල් ගොන්නු ටික ඉතුරු වුනාම ලංකාව ගොඩයයි...
තෙවරප්පෙරුම කියන්නේ තම සගයින් පාවා නොදෙන සටන්කාමී සගයින් මෙන්ම නායකයෙක්. ජයවේවා !!!.
පාලිත තෙවරප්පෙරුම කියන්නේ ජනතාව අතර ගැවසෙන ජනතාවගේ නියෝජිතයෙක්. ඔහු කලබල කරනවා නම් එ්කත් එකටම අසාධාරණයක් ඔතන සිදුවෙලා ඇති සමහරු ඔහුගේ ක්‍රියා කලාපය විවේචනය විදිහෙන් පෙනෙන්නේ ඔහු ගැන නොදන්නා බවයි.
මෙයා හොඳ චණ්ඩියෙක්නේ. ඇයි බොරුවට පොලිසිය අපහසුතාවයට පත් කරන්නේ? මේවා විහිළු නේද?
මෙයා වරප්‍රසාද සහිත කෙනෙක්, රඟපාන්නේ ගැලරිය සතුටු කරන්න. මේ මැරයින්ව පුම්බන්නේ මාධ්‍ය සංදර්ශන තියලා තමයි...
අර වාහනය මොන වර්ගයේ එකක්ද? වහලය කිලෝ 400 ක පමණ බර දරන්න. විශේෂයෙන් ගැලරි ෂෝ එකකදී....
මේ වගේ අය ගිනි තියාගෙන මැරෙන එක එක අතකින් රටට සෙතක්...
අහන්න දෙයක් නැහැ... රජයේ නිල වාහනය වෙන්න ඇති. තමන්ගේ වාහනයට ඔහොම නගින ඈයොත් මම මීට පෙර දැක නැත.
මෙතුමා නියම විදියට ආවත්, මැතිවරණ ප්රචාරක කටයුතු කරලා දැන් මේ මධ්‍යස්ථානවල ආධාරකරුවෝ හුරේ දාලා ඡන්දෙ දාන්න ඇති.... කොහොමද මීටරේ? මැතිවරණ කොමසාරිස්තුමන්ගේ අවධානය පිණිසයි.
හලෝ ඔහෙලාට වෙන්න ඕන දේ උනානේ දැන් හෙමින් බැහැලා යන්න.