ජූඩ් සමන්ත
වෙන්නප්පුව ප්රාදේශීය සභාවට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරඟ කරන අපේක්ෂිකාවක් අතුරුදහන්වී ඇති බව ඇයගේ සැමියා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
දෙදරු මවක් වන ඇය 38 හැවිරිදි කාන්තාවකි.
පසුගිය ජනවාරි මස 05 වැනිදා කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය ප්රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබේ.ජනවාරි මස 08 වැනිදා දහවල් කාලයෙන් පසුව ඇය අතුරුදහන්වී ඇති බව සැමියා කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
තම බිරිද අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති සැමියාද වෙන්නප්පුව ප්රාදේශීය සභාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ පොහොට්ටුවයි, බුලත් කොළයයි.. අපේක්ෂකයෝ හොයන්න බැරිව ගමේ එක එක ජාතියේ බඩු දාලයි තියෙන්නේ... කවුරු හරි එක්ක පැනලා ගිහින් ඇති... ඡන්දෙට පස්සේ පොඩ්ඩක් හොයලා බලන්න.
දෙන්නා පක්ෂ දෙකක නිසා සැමියම තම බිරිඳව හැංගුවද දන්නේ නැහැ... ඡන්දේ ඉවර වෙනකම් ආරක්ෂාවටත් එක්ක.
ලංකා දේශපාලනයේ මෙය නවතම ප්රවණතාවයක් වෙන්නත් පුළුවන්. මැතිවරණ කොන්දේසි වලට අනුව කාන්තා නියෝජනයේ ප්රතිශතයක් සහතික වියයුතු වෙලාවක තම බිරිඳ මෙන්ම ප්රතිවාදී පිලක අපේක්ෂිකාවක් වීම නිසා ඇගේ සැමියා විසින්ම ඇය සැඟවුවාද කියා සොයා බැලිය යුතුයි.
කොහේ තිබුණු අමාරුවකටද ඔය ඉස්පිරිතාලේ නතරකලේ? ඡන්ද ගැටද?