උඩරට දුම්රිය මග යථා තත්ත්වයට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය පීලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 21 November 2017
පේරාදෙණිය සරසවි සිසුහු පෙත්සමක් අත්සන් කරති සම සෞඛ්‍ය සිසුන්ට පේරාදෙණිය හා මහනුවර රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනිම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දි අද (21) ආරම්භ කෙරිණ. 21 November 2017
සුනාමි කටකතාවක් නිසා මුලතිව් පාළුවට යයි මුලතිව් ප්‍රදේශයට සුනාමි අවදානමක් ඇති බවට කටකතා පැතිරීම හේතුවෙන් අද(21) උදෑසන මුලතිව් නගරය පාළුවට ගොස් තිබිණි. 21 November 2017
අ‘පුර රෝහලේ වර්ජනය අවසන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද,පරිපුරක සේවා සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරින් අද (21) ආරම්භ කළ වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් කළ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවිර මහතා පවසයි. 21 November 2017
පේරාදෙණි සරසවිය සිංගප්පූරු සරසවියක් සමග ගිවිසුමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සිංගප්පූරු නැන්යන් විශ්ව විද්‍යාලය අතර ජලය පවිත්‍ර කිරීමේ අවබෝධතා ගිවිසුමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාථන මංදිරයේදි අද (21) අත්සන් කෙරිණි. 21 November 2017
උඩරට මැණිකේ පීලිපනී බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 107 සැතපුම් කණුව අසලදි පීලිපැනිමට ලක්වු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 21 November 2017
දැරියක් අපයෝජනය කළ අයෙක්ට 15 වසරක සිරදඬුවම් යාපනය මනල්කාඩු ප්‍රදේශයේ දැරියක ලිංගික අපයෝජනය කර ගැබ් ගැන්වීමේ සිද්ධියකට වරදකරුවූ පුද්ගලයකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා වසරක 15 ක බරපතල වැඩසහිත සිරදඬුවමක් නියම කළේය. 21 November 2017
පොලිස් උප පරික්ෂකවරයෙක් වෙඩි තබා ගනී මුල්ලේරියාව පොලිස් නිවස්නයේ දී උප පොලිස් පරික්ෂකවරයකු (56) සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මිය ගොස් ඇතැයි පොලිස් මුලස්ථානය කියයි. 21 November 2017
මාගම්පුර වරාය සේවක දෙමාපියන්ගේ විරෝධතාවයක් හම්බන්තොට මාගම්පුර වරායේ සේවක සේවිකාවන්ගේ දෙමාපියන් සිය දරුවන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලා මාගම්පුර වරායේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට අද (21) සාමකාමී විරෝධතාවයක නිරත වුහ. 21 November 2017
රෝගීන්ට වැසුණු අනුරාධපුර රෝහලේ දොරටුව කාර්යමණ්ඩලය බදුගනී අනුරාධපුර ශික්ෂණ රෝහලට පිවිසෙන ප්‍රධාන දොරටු දෙක අතරින් ජයිකා ගොඩනැගිල්ල අසලින් ඇති දොරටුවෙන් රෝගීන් ඇතුළත් කිරීම රෝහල් ආරක්ෂකයින් විසින් තහනම් කරනු ලැබීම හේතුවෙන් රෝගී ජීවිතවලට දැඩි අවදානමක් පවතින බවට රෝගීහු චෝදනා කරති. 21 November 2017
ඩයගම පාසලක සිසුන් හදිසියේ රෝහලට ආගරපත ඩයගම බටහිර අංක 1 කොටසේ පාසලේ සිසුන් 39 දෙනකු අද (21) හදීසියේ රෝගාතුර වීම නිසා ඩයගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඩයගම පොලිසිය පවසයි. 21 November 2017
’වල් අලි කලමනාකරණයට වෙන් කළ ඉඩම් කැළෑ එළිපෙහෙළි කරලා’ හම්බන්තොට යෝජිත වල් අලි කලමනාකරණ රක්ෂිතය සඳහා වෙන්කර ඇති ඉඩම් වෙනත් කාර්යයන් සඳහා රජය මෙන්ම පෞද්ගලික අංශයද කැළෑ එළිපෙහෙළි කිරීම හේතුවෙන් රක්ෂිත ප්‍රදේශය ගැසට් කරන දින වනවිට වල් අලි සඳහා රක්ෂිත කැළයක් ඉතුරු නොවීමේ තත්ත්වයක් උදාවෙමින් පවතින බව වනජීවී නිළධාරීහු පවසති. 21 November 2017
ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනාට ඇප කොල්ලුපිටියේ හොටෙල් සමාගමක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන හතරක් යොදවා පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කළැයි දින අටක් රිමාන්ඩ් කරනු ලැබ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමීණි සෙනරත් ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළාය. 21 November 2017
රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාස කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය. 21 November 2017
වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහට සේවා දිගුවක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාස හයක සේවා දිගුවක් ලබාදී ඇත. 21 November 2017
ප්‍රධාන දුම්රිය මඟේ ලොරියක් ගැටී ගමනාගමනයට බාධා ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය අසල දී අද (21) උදෑසන ලොරියක් සිඝ්‍රගාමී දුම්රියක ගැටී දුම්රිය ගමනාගමනයට බාධා ඇති වු බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 21 November 2017
හංගන්න දෙයක් නෑ - අගමැති වැරැදීම් සිදුවිය හැකි නමුත් සැඟවීමට කිසිවක් නැතැයි ද යහපාලන ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට යන්නේ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පැවැසීය. 20 November 2017
ලියවිලි දෙන්නත් කලින් හැඳුනුම්පත දීලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් පැවසීය. 20 November 2017
එල්ටීටීඊය යළි මතුවෙනවාට කැමති නැහැ - සම්බන්දන් එල්ටීටීඊය නැවත මතුවනු දකින්නට දෙමළ ජාතික සන්ධානය අකමැති බවත්, යුද්ධවලට හා ප්‍රචණ්ඩත්වයට තම පක්ෂය අකමැති බවත් විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 November 2017
ගිංතොටදී පොලිසියත් අසමත් - පොලිස්පති ගිංතොට සිද්ධියේ දී පොලිසියත් ගම්වැසියනුත් අසමත්ව ඇතැයි ද වළක්වාගත හැකිව තිබූ ගැටුමක් වළක්වා ගත නොහැකි වීමෙන් ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එක්වී ඇතැයි ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. 20 November 2017
ප්‍රශ්න සියල්ලටම අගමැතිගෙන් පිළිතුරු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (20) පෙනි සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම විසින් අසනු ලැබූ සියලු ප්‍රශ්නවලට සවිස්තරාත්මකව පිළිතුරු දුන්නේය. 20 November 2017
ඉන්ධන අර්බුදය සීඅයිඩියට ඉන්ධන අර්බුදයක් ඇතැයි ආරංචිය පැතිරවීම අද (20) තෙල් පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීම පිළිබඳ පරික්ෂණයක් පවත්වන්නැයි ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත. 20 November 2017
ඡන්දෙ කල්දාන්න නඩු දාලා - ටිල්වින් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ඉතා ආසන්නයේ අධිකරණමය උපක්‍රමයක් මගින් මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය මහජනතාව සමඟ එක්වී පරාජය කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 20 November 2017
’සාම්ප්‍රදාය වෙනස් කර රටට ආදර්ශයක් දෙන්න අනුනායක ධුරයෙන් අස්වුණා’ සාම්ප්‍රදාය වෙනස් කරමින් හා රටට ආදර්ශයක් ලබාදීම සඳහා අනුනායක ධුරයෙන් ඉල්ලා අස් වූ බව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනාහිමියෝ ලංකාදීපයට පැවසුහ. 20 November 2017
පාකිස්තාන ජාතිකයන් දෙදෙනකුට දඩ මැලේසියා ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන කටුනායක ගුවන්තොටුපොළින් මැලේසියාවට යාමට තැත් කළ පාකිස්තාන ජාතිකයන් දෙදෙනකුට මිනුවන්ගොඩ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 2ක දඩයක් නියම කළාය. 20 November 2017
ඖෂධ වැටලීම් වලින් රජයට ලක්ෂ 53 ක් රාජ්‍ය ඔසුසලේ පමණක් විකිණීමට අවසර ඇති පිළිකා රෝගී වේදනානාශක ඖෂධ මත්ලෝලීන්ට අලෙවි කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් 2017 වසරේ සිට මේ දක්වා රජයට රුපියල් ලක්ෂ 53 ට අධික මුදලක් උපයා දී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 20 November 2017
මීටීයාගොඩ අයියා - මලෝ අත්අඩංගුවට අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසිය මඟහැර සිටි මීටීයාගොඩ දසුන් සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ප්‍රමිත සහ තවත් පුද්ගලයකු අත්බෝම්බ සහ පිස්තෝල සමඟ විශේෂ කාර්ය බළකායේ මාදිවෙල කඳවුරේ ස්ථාපිත කර ඇති 20 November 2017
මන්ත්‍රීවරුන්ගේ දුරකතන සංවාද පරීක්ෂා නොකළ බව කොමිසම කියයි බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ කෝප් කමිටු සාමාජිකයින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට කොමිසමේදී හෙළි වු කරුණු ගැන දේශපාලනඥයින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ බොහෝමයක්ම පදනම් විරහිත බව බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (20) කීවේය. 20 November 2017
මහනුවර පස් කන්දකට යටවී දෙදෙනකු රෝහලේ මහනුවර දොඩම්වල අනිවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තාප්පයක් ඉදි කරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (20) එම තාප්පය සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යටවූ කම්කරුවන් දෙදෙනකු බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 20 November 2017
ගවර්ස් අධ්යක්ෂිකාවගේ රට යන ඉල්ලීම 29 වැනි දා ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂිකා නිත්‍යා සේනානි සමරනායක මහත්මියට ආගමික කටයුත්තක් සඳහා විදේශ ගත වීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීම ලබන 29 වැනි දා සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (20) නියම කළේය. 20 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026