(ඩයනා උදයංගනී)
දිවයිනේ පළාත් කිහිපයකට බලා පා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වය සෙනසුරාදා (10) පසු අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේ වුවත් කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශයන්හි උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද එම ප්‍රකාශකයා කීවේය.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර එම අවස්ථාවලදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු වලදී විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලංකාවටම 10 වෙනිදායින් පස්සේ හොඳට පායලා ගහකොළ පාටවෙලා ලස්සනවෙයි කියලයි කියන්නේ.
මොන කතාවක්ද? 10 පස්සෙත් අපි හිටපු විදිහට ගහකොළ මැලවිලා වතුර නැතිව ගොවිතැන් පාලු වෙලා දුර්භික්ෂයම තමයි. අපායත්, දෙව්ලොවක් වුණුදාට අපිට හොඳට පායලා ගහකොළ පාටවෙලා ලස්සනවෙයි.