(රවී ලියනගේ)
පළාත් පාලන මැතිවරණයේ බලපිටිය මාදු ගගෙන් වටවූ දුපතක් වන මාදුවේ ජනතාවට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බලපිටිය ගොඩගෙදර සිට මාදුව තොටුපොල වෙත ඡන්ද පෙට්ටි අද (9) මෝටර් බෝට්ටුවකින් රැගෙන ආවේය.
මැතිවරණ රාජකාරියේ යෙදෙන නිලධාරින් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මැද මෙම ඡන්ද පෙට්ටි රැගෙන එන ලදී.
අක්කර 150ක වපසරියකින් හෙබි මාදු ගඟෙන් වටවූ දුපත් 64න් ලොකුම දුපත වන මාදුව දුපතේ වෙසෙන ජනගහනය 750ක් අතුරින් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ ඡන්ද දායකයින් 490ක් පමණි .
මොවුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ මාදුව කනිටු විදුහලේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටුවෙන් බැරිනම් නැවෙන් හරි කමක් නැහැ ඡන්ද පෙට්ටි හරි තැනට යනවා නම්...
බලපිටිය නගර සභාවට බෝට්ටුත් තිබෙනවා. මහරගම නගර සභාවට බෝට්ටු නැහැ.
බෝට්ටුව පදවන්නන්ගේ පක්ෂයට අවාසියි කියලා හිතුණොත් බෝට්ටුව පෙරලෙන්න ඉඩ තිබෙනවා. ඒ ගැනත් ටිකක් හිතන්න.