(සිරාජ් හසීම්)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වී ශ්‍රීලංකාවට එරෙහිව කරුණු කීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මැති ඇමැතිවරුන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාර්තු මුල් සතියේ දී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටව යාමට නියමිතය.
මෙම කණ්ඩායමේ මූලිකත්වය තමන් සහ උතුරු පළාත් ඇමැතිනී ආනන්දි ශෂිදරන් මහත්මිය විසින් ගන්නා බවත් සංචාරයට සහභාගී වන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් මහතා වෙත ඉදිරි සතිය තුළ ඉදිරිපත් කරන බවත් එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය ලබන 26 වැනි දා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වන යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන්ගෙන් යුත් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකර ඒවාට සම්බන්ධ සියළු පාර්ශව හට දඩුවම් පැනවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වී ඇත.
2015 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව පිළිබඳ සම්මත කරගත් යෝජනාව මෙරට තුළ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් ලක් රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් මේ නිසා ජිනීවා සැසිවාරයට සහභාගී වී විදේශීය නියෝජිතයින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් හට ලක් රජයේ මෙම ක්‍රියා කලාපය පහදා දෙන බවත් සිවාජිලිංගම් මහතා තවදුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය පෙබරවාරි 27 වැනි දා සිට මාර්තු 23 වැනි දා තෙක් පැවැත්වෙන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් මාර්තු 16 වැනි දා ශ්‍රීලංකාව තුළ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවද ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න යන්න ගිහින් කියන්න. හැබැයි රටේ නැතිවෙන සාමයට, හැමදාම වගකියන්න ඕනේ ඔයාලා කියන එකත් අමතක කරන්න එපා! මම දෙමල, එහෙත් ඔයාලගේ ඔය ජාතිවාදී අදහස් නැති කෙනෙක්. මම ඇතුළු තව මේ රටේ ඉන්න දහස් ගනන් දෙමල ජනයා, ඔය උතුරේ ඉන්න ජාතිවාදී නායකයින්ට කැමති නැහැ. මේ රටේ හිටපු දැනට ඉන්න බොහෝ සිංහල නායකයින් දිහා බලලා හෝ හැදෙන්නකෝ!
ආයෙත් මේ රටේ පස් පාගන්න දෙන්න එපා. එයාපෝර්ට් එකේදීම ගහලා පන්නන්න.
මේ උන්දැලාද උපතින්ම අනිකාට ගතු කියල වැඩේ කරගන්න හදන නිවටයෝ ටිකක්. මේ මුළු ලෝකෙම ලැබුණත් අඟහරු ලෝකේ ගිහින් ගතු කියයි.. ලෝකේ අපිට මදි කියලා. එ් තරමටම හිඟන්නෝ ටිකක්....
මේවට පිළිතුරු දෙන්න පුළුවන් කණ්ඩායමක් දකුණේ අපි පත්කරන්නේ නැහැනේ.. අපි කරන්නේ බත් පැකට් එකට, කසිප්පු ටිකට, සිල් රෙද්දට ඡන්දය දෙන එකනේ...
සුපිරි ඇමැති වරප්‍රසාද විඳිමින්, තමන් පය ගහලා ජීවිතය බේරාගෙන ජීවත් වෙන රටට විරුද්ධව ගතු කියන්න සුද්දා ගේ පය ලෙව කන්න යනවා. එහෙම හිටියා නම් හොඳ නැතිද?
ඔන්න මේ ගොල්ලන්ටයි, අර ඇඟිල්ලෙන් බෙල්ල කපන හැටි පෙන්නන්න ඕනේ...