ඉන්දිකා රාමනායක
වව්නියාව නැදුන්කර්නි ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක ගස් කපා ශූද්ධ පවිත්‍ර කිරීම වෙනුවෙන් නීති මගින් කටයුතු නොකිරීමට පුද්ගලයකුගෙන් රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් නැදුන්කේනි අඩවි වන කාර්යාලයේ බීට්ටු නිලධාරියකු අද (08) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාරු මෙම පුද්ගලයාගේ මීට පෙර අවස්ථා දෙකක දි රුපියල් 70,000 බැගින් අල්ලස් මුදල් ලබාගෙන ඇති අතර තෙවන අවස්ථාවේ රුපියල් 40,000 ලබා ගැනීමට තැත්කිරීමේ ලැබුණු පැමිණිලි මත ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.
සැකකරු හෙට (09) වව්නියාව මහේසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද කරු වුනොත් කෙලින්ම බරපතල දඩයකට සිර දඬුවමකට යටත් කරමින් රැකියාවෙනුත් එලවා දැමිය යුතුයි. ඔහුට අවශ්‍ය නම් පසු කලක ප්‍රාදේශීය සභාවකට නාමයෝජනා ලබා ගත හැකි වනු ඇත.
මේ වගේ කාර්යක්ෂමව දේශපාලකයින්ව කොටු කරගන්න බැරි මොකද?