පාසල් සිසුන්ට එන්නත් එක් මාත්‍රාවක් පමණයි පාසල් ළමයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 09 October 2021
රජයේ ගිණුම් කාරක සභාවෙන් අධ්‍යාපනයට බරපතළ චෝදනාවක් රජය අධ්‍යාපනයට වාර්ෂිකව මුළු ආදායමෙන් සියයට දහයකට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කළද පාසල් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. 09 October 2021
ගජමුතු විකුණන්න ගිය තුනක් දැලේ නිධන් හාරා ලබාගත් බව කියන රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුතු ගජමුතු 04 ක් විකිණීමට රැගෙන ආ සැකකරුවන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ත්‍රිකුණාමලයේ දී අද (08) අත්අඩංගුවට ගනු ලැබීය. 09 October 2021
20ට වැඩි සැමට ෆයිසර් එන්නත වයස 20 ට වැඩි සියලු දෙනාට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් ) ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය. 09 October 2021
අනුමත ඕනෑ එන්නතක් ඔට්ටුයි - ඇමෙරිකාව කියයි ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කළ ඕනෑම ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතකට තමන් අනුමැතිය ලබා දෙන බව ඇමෙරිකානු ජාතික වසංගත රෝග පාලනය සහ වැලැක්වීමේ සී.ඩී.සී. ආයතනය නිවේදනය කර තිබේ. 09 October 2021
ප්‍රජා විශෝධන වාර්තාවට මහජන අදහස් ලබාගැනීමට තීරණ ශ්‍රී ලංකාවේ ප්‍රජා විශෝදන වාර්තාවේ කෙටුම්පත මහජන යෝජනා සඳහා විවෘත කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවැසීය. 09 October 2021
කැනඩාවේ පනතක් ගැන විදේශ ඇමැති සිහිපත් කරයි කැනඩාවේ ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවේදී සම්මත කරන ලද පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පොදු පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමුව ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා හමුවේ පැවැසීය. 09 October 2021
තැන් තැන්වලට පොඩි පොඩි වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (9) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 October 2021
පරණ ගැසට්ටුව වෙනස් කර ගැසට් දෙකක් එයි කිරිපිටි, තිරිඟු පිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩ හතරේ පාලන මිල ඉවත්කිරීමට රජය ගත් තීරණයත් සමඟ එම භාණ්ඩ ‘නිෂ්චිත භාණ්ඩ’ ලෙස නම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදන බලරහිත කරමින් ඊයේ (8) රාත්‍රී අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කළේය. 09 October 2021
පරිගණක බිඳවැටේ ලයිසන් පමා වෙයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිත ආයතනය පරිපාලනය කරන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳ වැටීම නිසා පසුගිය අගෝස්තු මස 12 වැනිදා සිට මේ මස 31 වැනිදා දක්වා කාලය තුළ කල්ඉකුත් වන බස්නාහිර පළාතේ වාහන සඳහා ලබන නොවැම්බර් මස 30 වැනිදා දින දක්වා දඩ අයකිරීමෙන් තොර සහන කාලයක් ලබාදෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරයි. 09 October 2021
‘‘පොඩි පැටී‘‘ අල්ලයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට පිළියන්දල දී වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ මාකදුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන පොඩි පැටී නැමැත්තා අද අලුයම ජීව අත් බෝම්බයක්, ගිනි අවියක් සහ උණ්ඩ 5 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි . 09 October 2021
දේවහූව ගොවියෝ කන්න රැස්වීමෙන් පිටව යති දෙවහුව ජලාශය යටතේ වගා කරන කුඹුරු අක්කර 3000 ක වී වගාවෙන් ඉවත් වන බව අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයෝ අද පැවති කන්න රැස්වීමේදී මාතලේ දිසාපතිවරයාට දැනුවත් කරමින් කන්න රැස්වීමෙන් ඉවත්ව ගියහ. 08 October 2021
කොටු පැන්න ඕ.අයි.සී ජංගම දුරකතනයෙන් මාට්ටු මොණරාගල පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු බව කියන අයකු තම අනියම් පෙම්වතියගේ නිවසට ගොස් ඇය සමඟ කාමරයක සිටියදී නිවසට පැමිණි ඇගේ සැමියා එම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතනය හා පොලීසියට අයත් සුදු පැහැති හෙල්මටය තමා භාරයට ගෙන ඇතැයි වාර්තා වේ. 08 October 2021
ගැටලුවට විසඳුම් නැතිනම් 21 සේවයට නොයන බව ගුරුවරු කියති ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට යළිත් පාසල් ආරම්භ කරන ලබන 21 වැනිදාට පෙර විසඳුම් නොලැබුණහොත් එදින සේවයට වාර්තා නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. 08 October 2021
දුම්වැටියටත් මිල සූත්‍රයක් එයි දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය. 08 October 2021
කොවිඩ් මරණ 38ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 38 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 October 2021
කොවිඩ් ආසාදිතයන් 528ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 528 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 October 2021
නිවෙස් සිට විභාග සහතික ගන්න ක්‍රමෙව්දයක් පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව විභාග සහතික පත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබේ. 08 October 2021
ඇෆ්ගන් පල්ලියක බෝම්බයක් පිපිරේ ඇෆ්ගනිස්තානයේ කුන්දූස් නගරයේ ප්‍රධාන ෂියා මුස්ලිම් පල්ලියට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන්, 28 දෙනකු ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 95 කි. 08 October 2021
මෙරට කැනඩා මහකොමසාරිස් විදේශ ඇමතිව හමුවෙයි කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතර විශේෂ හමුවක් අද (08) දින විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්විණි 08 October 2021
සබරගමුවේ වාහනවලට සහනයක් සබරගමුව පළාත තුළ ලියාපදිංචි වාහනවල පසුගිය අගෝස්තු මස 16 වැනිදා සිට මේ මස 29 වැනිදා දක්වා කල්ඉකුත් වූ ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බව සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය නිවේදනය කරන්නීය. 08 October 2021
තුෂාන් ගුණවර්ධනගෙන් පැය තුනක් ප්‍රකාශ සටහන් කරගනියි සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සහ පුවත්පත් වල පළ වු කතු වැකි කිහිපයක් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අද (08) පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 08 October 2021
අගමැති නිකුත් කළ ගැසට්ටුව අවලංගු කරන්නැයි පෙත්සමක් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති ’’2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන රෙගුලාසි නමින් ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම රෙගුලාසි අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉංජිනේරුවරයෙකු හා වෘත්තීය ජාතික පෙරමුණ සංවිධානයේ ලේකම් කපිල රේනුක පෙරේරා මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්මක් ගොනු කළේය. 08 October 2021
කඳානෙන් ඇවිත් ඇල්ලෙවලින් අවසන් ගමන් යයි වැල්ලවාය ඇල්ලෙවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ මළ සිරුරක් අද උදෑසන ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් සොයා ගන්නාලදි. 08 October 2021
බාල තේ කොළ පොවන්න බැරි වෙයි මිනිස් පරිභෝජනයට නුසුදුසු තේ කොල ඇසුරුම් කරමින් සිටි පුද්ගලයකු මෝදර එලිහවුස් පාරේ පෞද්ගලික තේ සමාගමක් තුළදී එම තේ කොළ තොගය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 08 October 2021
කෝවීඩ් රෝගීන්ගේ පැහැදිලි අඩුවක් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 08 October 2021
නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට නොබෙල් සාම ත්‍යාගය පිලිපීනයේ සහ රුසියාවේ ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට හිමි වී ඇත. 08 October 2021
‘‘වැස්සෙන් නොතෙමෙන්න මගේ ගෙදර ආපු අය මා එලවන්න හදනවා‘‘ සමගි ජන බලවේගය නැමැති නිවසේ ඔප්පුව තිබෙන්නේ තමාගේ අතේ යැයි පක්ෂයේ සියලු දෙනා හොඳින් සිහියේ තබා ගත යුතු බව පත් කළ මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය(සජබ) පාර්ලිමේන්තුවේ දී අද (8)පැවසුවාය. 08 October 2021
‘‘කොවිඩ් ළමා මරණවලට බහුතර හේතුව ප්‍රතිකාරවලට ප්‍රමාදයයි‘‘ කොවිඩ් ආසාදිත වූ දරුවන් 67 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර ඉන් දරුවන් 13 දෙනකුම නිවෙස්වල දී මියගොස් ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය. 08 October 2021
අන්තර් පළාත් බස් 21 තෙක් නෑ ලබන 21 වනදා තෙක් අන්තර් පළාත් බස්රථ කිසිවක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 08 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026