අජන්ත කුමාර අගලකඩ
රට තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා බහුතරය පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයකු යටතේ, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ,කේ පී එස් කුමාරසිරි,අකිල එල්ලාවල,සුදත් මංජුල, ලලිත් එල්ලාවල,වෛද්‍ය උපුල් ගලප්පත්ති ,කරුණාසේන කොඩිතුවක්කු,නීතිඥ උදයන කිරිඳි ගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර,උදයකාන්ත ගුණසේකර සහ මහාචාර්ය ගුණපාල රත්නසේකර යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය යවා ඇත .
එහි මෙසේද සඳහන් වේ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුජන පෙරමුණේ අගමැතිකම රටේ බහුතරය පිළිගන්නේ නෑ නේද? පාර්ලිමේන්තු බහුතරය දැන් රටේ බහුතරය නොවේ. ඒ කාලය පහුවෙලා... ජනමතයට හිස නවන්න.
මෙයාලට තාම හරියට ඩොකියුමන්ට් එකක් හදා ගන්න බැරිද?
ඔබලාට වැරදි කරමින් වැරැදි හදාගන්නට දරණ උත්සාහයේදී රටේ මිනිසුන්ට දිනපතා ව්‍යාපාර වැසීයන තත්වයට මුහුණ දෙන අතර දහස් ගණනකට රැකියා නැතිව ජීවිකාව අහිමි වී කුසගින්නේ සිටිති. මෙතන සිටින ඔබලා අධ්‍යාපනය තිබූ පළියට මේවාට විසඳුම් සෙවීමට ක්ෂේත්‍ර ප්‍රවීණත්වය ඇත්තේ නැත. එයට අතිදක්ෂ විශේෂඥයින් පත් කිරීමට ඔබලා තාමත් උත්සුක වී නැත්තේ ජනතාවගේ අවශ්‍යතාවයට තාමත් සංවේදී නොවී තම බහුතරය වෙනුවෙන් දඟලන මානසිකත්වය නිසා විය යුතුයි. මේ රට කරවීම යනු වරද වරදා ඔබලාට ඉගෙනීමට හැකි දෙයක් නොවේ. දැනටත් ඔබලා සදාචාරාත්මකව රැඳී සිටීම නුසුදුසු වන්නේ කිසිම විසඳුමක් දිය නොහැකි කණ්ඩායමක් බව ඔප්පු කොට ඇති බැවිනි..
මේකත් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේ පේනවා. ජනතාව ඉල්ලන්නේ 225ටම යන්න කියලා... තමුන්නැහේ ගැන කිසිවෙක් කැමති නැහැ. ඒ නිසා දැන්වත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හා වරියන්ට අගමැති කෙනෙක් හා ඇමැතිවරු තෝරාගන්න කියලා පැත්තකට වෙලා ඉන්න විධායකය විසින් ව්‍යවස්ථාදායකය පාලනය කිරීම ප්රජාතන්ත්රවාදය නොවෙයි, ඒකාධිපතිවාදය වෙනවා.
ජනතාවට විශේෂයෙන්ම අවශ්‍ය හොර පවුල ගෙදර යවන එක...
ප්‍රශ්නෙකට තියෙන්නේ බහුතරය පිළිගන්නා පොදු පෙරමුණේ කෙනෙක් හිටියත්, ජනතාව පිළිගන්නා කෙනෙක් හොයා ගන්න පුළුවන්ද කියන එකයි...!
බහුබූත කියවනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම එපා කියලා කියනකොට, දූෂිත දේශපාලුවන් හදන්නේ කොහොම හරි බලයේ ඉන්න... ලැජ්ජයි...!.