කතානායක චීන තානාපති අතර විශේෂ හමුවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ. 09 March 2022
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව සභාගත කරන්න‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව ඉක්මනින් සභාගත කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 March 2022
කෝටියකට අධික වටිනා කුෂ් ගංජා රේගු දැලේ රුපියල් කෝටියකට අධික (රුපියල් මිලියන 12) වටිනාකමින් යුත් ’කුෂ්‘ ගංජා ග්‍රෑම් 716 ක් බි්රතාන්යයේ සිට එවන ලද පාර්සලයක තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද (9) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 09 March 2022
මොටර් රථ අනතුරින් දෙමස්සිනෝ මරුට ගලෙන්බිදුනුවැව - කැකිරාව මාර්ගයෙ ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගෝමරන්කල්ල පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටි හුරුළු වැවේ වම්ඉවුර ඇළට වැටීමෙන් සිදුවු අනතුරකින් එම මෝටර් රථයෙ ගමන් ගත් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගලෙන්බිදුනුවැව පොලිසිය කියයි. 09 March 2022
‘දුරගමන් බස් සේවකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අරඹයි‘ ජනතාව සමඟ ගණුදෙනු කිරීම පිළිබඳව අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ රියදුරු සහ රියසහයකයන් (කොන්දොස්තර) දැනුවත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම එක්දින වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. 09 March 2022
පාර්ලිමේන්තුවේත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සහයෝගය ලබාදෙන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 March 2022
රුසියන් හමුදා පසුබසිනවා - ඇමෙරිකන් බුද්ධි අංශ යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි. 09 March 2022
රුසියන් තෙල් ආනයනය නවත්වයි රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ තීරණය කළේ රුසියාව යුක්රේනය එරෙහි ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමිණි. 09 March 2022
ටවුන් හෝල් අවට මාර්ග අවහිර වෙයි සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහලේ සිට පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ පැමිණෙමින් තිබේ . 09 March 2022
රන්ජන්ගේ දෙවැනි නඩුව කල්යයි සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව, කරුණු සලකා බැලීම සඳහා ලබන මාර්තු මස 24 වැනි දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළේය. 09 March 2022
ජනපතිගේ නැන්දණිය කළුරිය කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මාදේවී පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 09 March 2022
සාදයේ ගමන මරණයෙන් කෙලවර වෙයි උපන්දින සාදයකට සහභාගි වී එකම පවුලේ පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්ල කොළඹ මාර්ගයේ කොරළවැල්ල ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටීමෙන් මව මියගොස් දරු තිදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි එගොඩඋයන පොලීසිය කියයි. 09 March 2022
කන්ටේනර් 2500 ක් වරායේ හිරවෙයි අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 2500 කට වැඩි සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට නොහැකිව නැවතත් කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය. 09 March 2022
නව දේශපාලන පක්ෂ 76 කින් අයදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 76 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 March 2022
ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා පත්කර තිබේ. 09 March 2022
තාවකාලික රියදුරු බලපත්‍ර පරීක්ෂාවට පොලිසියට පරිගණක යෙදවුමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික දුරියදුරු බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ආරක්ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් හදුන්වාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා පැවසීය. 09 March 2022
දියර කිරි ඉල්ලා මැතිසබයේ ගෝරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ. 09 March 2022
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 March 2022
ඇතෙක් මරුවාට ලක්ෂ 12ක දඩයක් විදුලි සැර වද්දවා ඇතකු මරා රහසිගතව වල දැමිමේ සිද්දියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනකුට රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා නියෝග කළේය. 09 March 2022
කටුගස්තොට දවල්ටත් ලයිට් විදුලි අර්බුදයට පිළියම් සොයන රජයේ උත්සාහයට සහායවීම සඳහා දිවයිනේ වීදි ලාමිපු ලබන 31 වනදා දක්වා නිවා දමන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් දුන්නත් කටුගස්තොට නගරයේ දහවල් කාලයේදී විදි ලාම්පු දැල්වා තිබූ අයුරුයි මේ. 09 March 2022
විදුලිය - ඉන්ධන භාවිතයට දැඩි සිමා ඩොලර් හිඟය හමුවේ රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත. 09 March 2022
ආයතන හතකින් තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට ඊයේ(8) ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ. 08 March 2022
අලුත් ආසාදිතයෝ 632 ක් කොවිඩ් ආසාදිතයින් තව 632 ක් අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 08 March 2022
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න සියලු කටයුතු කරනවා ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමඟ අද ( 08) පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත . 08 March 2022
හෙටත් පැය 3 යි විනාඩි 45 ක් ලයිට් නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (9) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 08 March 2022
කෝතලාවල සංශෝධිත පනතටත් කොක්කක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැීම සඳහා නැවත ඉදිරිපත් කර තිබෙන ‘‘සංශෝධිත කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත‘‘ කොන්දේසි විරහිතව ප්රතික්ෂේපකරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය සඳහන් කරයි. 08 March 2022
සර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයි රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (08)පැවැති සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇත. 08 March 2022
රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ් නෑ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති බව වාර්තා වේ. 08 March 2022
ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අද මුළු රටම විනාශ කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට ගොඩනගන්න අදත් තෝරාගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආර්ථික ප්‍රතිපත්තිය බවත් 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය වර්තමානය වන විට රට විනාශ කර මුළු රටම දුක්ඛිත තත්වයකට පත්කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) පැවසීය. 08 March 2022
ආපද අමාත්‍යාංශයට ලේකම්වරයෙක් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඊයේ(8) පත්කරනු ලැබීය. 08 March 2022
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026