
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ජනතාව ගෑස් තෙල් කිරිපිටි ඉල්ලන විට ආණ්ඩුව ඇමතිවරුන් මාරු කරමින් ඉන්න බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනතාව තෙල් පෝලිම් වල මිය යමින් සිටියදී ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දෙන පාටක් පේන තෙක් මානයකවත් නැතැයිද විජිත හේරත් මහතා සඳහන් කළේය.
"විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත්කරන බව එනකොට කිව්වා. ඇමති මණ්ඩලය මේ වන විට 13 වතාවක් මාරු කරලා. ඇමතිවරු කවුද? රාජ්‍ය ඇමතිවරු කවුද? කියා රටේ මිනිස්සු දන්නෙත් නැහැ.රටේ ජනතාව ගෑස් තෙල් කිරිපිටි ඉල්ලනවා. ඒ වෙනුවට ආණ්ඩුව ඇමතිවරුන් මාරු කරමින් ඉන්නවා. උත්තරේ එ්කද?රටේ නායකයාගේ මොලේ ඇත්තටම ප්‍රකෘති තත්ත්වයේ නැති බව මෙයින් පැහැදිලියි.
ගෑස් සමාගමේ සභාපති ලෙස විජිත හේරත් ආවා කියා ඔහුටත් ණයවර ලිපි විවෘත කරගන්න කරගන්න හැකියාවක් නැහැ".යනුවෙන්ද විජිත හේරත් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල්, ගෑස්, බෙහෙත්, පොහොර, කිරිපිටි නැත්තේ ගෙන්වන්න ඩොලර් නැති නිසයි. ජෙප්පන් බලයට ආවොත් පසුදා සිට තෙල්, ගෑස්, බෙහෙත්, පොහොර, කිරිපිටි ලැබෙනවද?
දැන් බොරු බයිලා ගහනවා... තනතුරු අරගෙන වැඩ පෙන්නන්න තිබුණනේ. මෙයාලට ඕන අරාජික රටක්... එතකොට ගිරිය පුප්පගෙන කෑගහනවා. N G.O කොටි ඩයස්පෝරාව සල්ලි පොම්ප කරනවා. රටේ ජනතාව පිස්සු කරනවා. මෙයාලා යහතින් වැජඹෙනවා. ඕක තමයි තියරිය...