
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සිදු වන දින එවකට ජනපති රට ගොස් තිබුණේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට වැඩ බාර දී නොවේ යැයි සමගි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
පාස්කු ප්‍රහාරය සිදු වූ විට තමා හිටපු අගමැතිවරයා සමග ආරක්ෂක අමාත්‍යාංශයට ගිය විට රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ යැයිද එරාන් වික්‍රමරත්න මහතා කීය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ එරාන් වික්‍රමරත්න මහතා:-
"මට එක කතාවක් මතක් වෙනවා.පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය වූ ගමන්ම මම අරලියගහ මන්දිරයට ගියා.
හමුදාවල නායකයන්ට මෙතනට එන්න එපා කියලා තියෙනවා යැයි එවිට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා.ඒ නිසා අපි ආරක්ෂක අමාත්‍යාංශයට යමු යැයි එතුමා කිව්වා.ඒ අනුව එතුමා සහ අප ආරක්ෂක අමාත්‍යංශයට ගියා.
එලෙස ගොස් මම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගෙන් ආරක්ෂක ඇමති ඔබතුමා දැයි මම ඇසුවා.ජනාධිපතිතුමා රට ගිහින්. මට වැඩ බාර දුන්නේ හෝ දිව්රුම් දුන්නේ නැති බව රුවන් විජයවර්ධන මහතා පැවසුවා.
ඊයෙත් ඔය ප්‍රශ්නෙ නේ ඇසුවේ.අලි සබ්රි වොෂින්ටන් වලට ගිහින් තියෙනවා. මේ වැඩේ බාර දී තිබෙන්නේ කාටදැයි ප්‍රශ්න කෙරුණා. කිසිවෙකුටත් වැඩ බාර දී නැහැ. රුවන් විජයවර්ධනටත් එදා වැඩ බාර දෙන්නේ නැතිව මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරුවේ ගිහින් තිබෙනවා.
ඊට පසුව අපි ආරක්ෂක කවුන්සිලයට ගියා.මමත් ගියා.ජනාධිපතිවරු මූණ බලලා ආරක්ෂක කවුන්සිලයට එක එක්කෙනාට එන්න කියන බව එහි ගිය විට දැනගත්තා.යනුවෙන්ද එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd