
ශ්රී ලංකාවට 'හදිසි මූල්‍ය ආධාර' සපයන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව ඉන්දීය මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා උදව් වීමට ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය ආධාර කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ දැක්වේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් අතර (19) පැවැත්වූ හමුවේදී මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මෙසේ ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා හමුවීමෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සමග මෙම හමුව පවත්වා ඇත.
එහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දිය යුතු බවත් ඉතා ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය ආධාර ලබා දිය යුතු බවත් කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මියට පවසා ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් සර් ගියා නම් ඩේසි ආච්චිට දියමන්ති මල්ලකුත් ගෙනත් දෙන්න තිබුණා. අපරාදේ.
ලංකාව ඉන්දියාවට ඇපවුණා තෙල්ටැංකි දෙනවා කියලා... ඉන්දියාව ලෝක බැංකුවට ඇපවුණා ලංකාවට දෙන්න කියලා...!
ඉන්දියාවට අවශ්‍ය දේ සිදු වී ඇත. දුර්වල අසල්වැසි රටක් අපි දැන්...!
මේ පාලකයන්ට විලිලැජ්ජාවක් නැතිද? රට හිඟමනට පත්කරලා ඒ වුණාට කයිවාරුව නම් අඩුවෙලා නැත.
මේ අනුවණ පාලකයෝ ගොනාට ඇඳගෙන රටේ ඉතුරු වටිනා සම්පත් ටික අයිති කරගන්න තමයි ඉන්දියාව සැරසෙන්නේ...
එහෙන් ණය මුදලක් ලැබුණත් ඒක හරියට පාවිච්චි කරාවිද යන්න ගැන විශ්වාසයක් නැහැ.
ණය ගන්න පොලී මුදලාලිලා එක්ක බැංකුවට යනවා වගේ. මේ රටේ සහ විදෙස්ගතව ඉන්න උගත්, බුද්ධිමත්, රටට ආදරේ කරන කණ්ඩායම් එකතු වෙලා මේ රට මේ විදිහට අවමන් වීමෙන් වළකාගන්න.
IMF ණය රාජපක්ෂලා හොරාකන්න ඇති බවට කාටද සහතික වෙන්න පුළුවන්? පුළුවන් නම් ඉන්දියාව ශ්‍රී ලංකා ජනතාවට සහතිකයක් දෙන්න...
රට නන්නත්තාරයි... නමුත් තාම සර් යන්නේ රේන්ජ් රෝවර් එකේ...!