
(නිමල කොඩිතුවක්කු)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දෙන්නයි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කළේය.
විසිවන සංශෝධනය මගින් රටට සිදුකළ විනාශය නිවැරදි කිරීමට සුදුසුම අවස්ථාව මෙය බවත් අලවතුවල මහතා පැවැසීය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රට වෙනුවෙන් හිතන තරුණයන් විශාල පිරිසක් පාරට බැස පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලන බැවින් ඒ වෙනුවෙන් පෙලගැහෙන ලෙස රට ගැන හිතන ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය සඳහා සහයෝගය ලබා දෙන්නැයි රටට ආදරය කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් කරන බවත් හෙතෙම පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලටම ගෙදර යන්න කියා ජනතාව ඉල්ලීම් කරන බැවින් ජනතා බලයෙන් තේරී පත් වූ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එම වගකීමෙන් පැහැර හැරිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
දෝෂාභියෝගයට සහ විශ්වාසභංගයට අත්සන් නොකර ගමට යා නොහැකි තත්ත්වයට ජනමතයක් ගොඩනැගී ඇති බැවින් ඒ පිළිබඳ අවධානයක් යොමු කරන ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අලවතුවල මහතා කීවේය.
ලබන පාර්ලිමේන්තු වාරය වන විට අනිවාර්යයෙන්ම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර රටට ආදරය කරන මන්ත්‍රීවරුන් කවුදැයි කියා ජනතාවට දැනගන්න අවස්ථාව උදා කරන බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගෙඩිය පිටින් ආපහු හරවන්න බෑ. 19 සංශෝධනයෙන් ජනපති හා අගමැති අතර ගැටුම් ඇතිවීම අපි පහුගිය ආණ්ඩු කාලේ අත්දැකපු බව අමතක කරන්න එපා. මෛත්‍රි සහ රනිල් දෙපැත්තකට ඇද්දා අමතකද?... හොඳට හිතලා බලලා රනිල් සහ එ.ජා.ප.යේ අදහසුත් අරගෙනයි සජිත්ට මේක කරන්න තිබුණේ. නිකං චූන් එකට උඩ පැන්නොත් රට අමාරුවේ...!
ඒ ඒ අයම ව්‍යවස්ථා හදාගන්නවා. මහ ජනතාව කජු ඇටද? කොස් ඇටද?
දැන්ද මතක් වුණේ? අවුරුදු හතර හමාරක් නැටුවාද? ඔය සජිත් එතකොට පක්ෂයේ බලවතෙක්, ලොකු ඇමැතිවරයෙක්. නිකන් රට හිනා ගස්සන්නේ නැතුව ඉන්න. ඔය 225 ගෙදර යනකම් මේ රටට වගතුවක් නෑ..