
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකි යැයිද මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම දෙනාම එකතු කරගත් ගමනක් යා යුතුව ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතු වන්නේ මුදල් ඇමතිවරයාගේ කතාවෙන් පසුව බව කී හිටපු අග්‍රාමාත්‍ය වරයා ඉදිරි මාර්ග සිතියම ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයට තමා ද එකඟ වන බව සඳහන් කළේය.
"රඹුක්කන සිද්ධිය පරීක්ෂා කරන්න නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගොස් තිබෙනවා.වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ. බී රිපෝට් එක ඒ රිපෝට් එක කළා.බී රිපෝට් එකේ නම් කැපුවා.වෙඩි තබන්න කියන්නේ එතන හිටපු ජේෂ්ඨ ම පොලිස් නිලධාරියා.බී රිපෝට් එකේ ඔහුගේ නම දාන්න ඕන.එතුමා වෙඩි තියන්නට හේතුව පැහැදිලි කළ යුතුයි.එය කිව්වේ නැහැ. ඔක්කොම විනය කඩලා. මේ නියෝග දුන්නේ පිටින් ද?මේ නියෝග දුන්නේ කවුදැයි කියා මෙය ඉවරයක් කරලා දාන්න. මෙය ඇදගෙන යන්න උවමනා නැහැ."යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ මොනවා හරි පිළිවෙලක් ඇතිව කතා කරන එකම මනුස්සයා. හැමෝම හදන්නේ ආණ්ඩු පෙරලන්න. බලය ගන්න. 226ම එකතුවෙලා මේ දක්වා කරපු මගඩි වැඩ නවත්වලා දියුණු වෙන්න රටක් හැටියට තීරණයක් ගන්න පුළුවන්... අවශ්‍යතාව තියෙන අය ඉන්නේ අතේ ඇඟිලි ගානට... හැමෝම එන්නේ බලය අරගෙන හොරාකන්න.. හොරා කෑමේ ප්‍රතිඵල දැන් අපි අත්විඳිනවා. නාමල්ට කියන්න තියෙන්නේ පපුවට අතගහලා හෘද සාක්ෂියට අනුව තමන් හොරකම් කළේ නැහැ කියන්න. හැම ව්‍යාපෘතියකින්ම කොමිස් ඉල්ලපුවා.. තමන්ට දේවල් ගත්තුවා.. තමන්ට දැන් තියෙන දේපළ සියල්ල මතක් කරලා ආවර්ජනයක් කරලා කතා කරන්න කියලා...
ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකිවා පමණක් නොව රටේ පුරවැසියන්ට බහුතර දේශපාලකයින් පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැත. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින බලය සහ තනතුරු වෙනුවෙන් "අපි වෙනුවෙන් අපි" දුෂිත දේශපාලන කණ්ඩායම් සියල්ල ජනතාව විසින් ඉවත් කරනු ඇත. ඒ සඳහා කාලය පැමිණෙමින් තිබේ.
අපි කියන්නේ ඒකම තමයි. කට්ටියටම ගෙදර යන්න කියලා. ඔය එක්කෙනෙක්වත් නැති විද්වත් මණ්ඩලයක් මගින් රට බාරගන්න කියලා. කිසිම දේශපාලුවෙකුගෙන් අපට වුණු වැඩක් නෑ... ඒකටම තම ජාති, ආගම්, කුල, මල කිසිවකගෙන් තොරව කෙරෙන අරගලය...
තුන් පාරක් රට ලැබිලත් හොඳටම කරපු මනුස්සයෙක් නේද මේ? මහ බැංකුව හොරා කනකන් උඩ බලාගෙන උන්නු මනුස්සයෙක් නේද මේ දැන් පොර ටෝක් දෙන්නේ. අවුරුදු 73ක් වෙලත්...
වත්මන් රජයට නොවෙයි පත්වෙන රජකටවත් බැහැ. ප්‍රශ්නය ඩොලර් නැතිකම. ඩොලර් නැතිවෙන්න හේතුවට ඔබ සියලුදෙනාම වගකිව යුතුයි...!
මේ රටට කරපු පාවාදීම් තවම මතකයි. ඒක තමයි එකම ආසනයකින්වත් දිනුවේ නැත්තේ ජාතික ලැයිස්තුවෙන් ඇවිත් නැවත රට කන්න හදනවා...